17

1.2K 221 16
                                    


ස්ටාෆ් රූම් එක කියන්නේ හරිම කලබලකාරී තැනක්. කාන්තා ගුරුවරුන්ගේ කියවිල්ල, හිනා හඬවල් එක්ක ස්ටාෆ් රූම් එකේ නිරන්තරයෙන්ම පුංචි ඝෝශාවක් රැඳිලා තියනවා. ඉස්කෝලවලට යන අපි වගේ තරුණ පිරිමි ගුරුවරු අසරණ වෙන්නේ ඒ වගේ වෙලාවට.

ඇත්තම කතාව නම්, ස්ටාෆ් රූම් එකක් කියන්නේ දියරෙද්දකින් වුනත් බෙල්ල කපන පුලුවන් තැනක්. වචනයක් වැරදුන ගමන් ඒක ගිහින් ආයතන ප්‍රධානියාගේ කනේ තියන චීත්ත නම් මේකේ එමටයි. තිත්ත ඇත්ත නම් හුඟක් වෙලාවට ඒකේ පෙරමුණ අරන් ඉන්නේ කාන්තා පාර්ශවය. ඒකත් වයසක පරිණතයැයි  හිතාගෙන ඉන්න අය. ගුරුකමටම සින්න වෙච්ච, අඩු පඩි ඇතුලු අනන්ත පීඩනයන් දරාගෙන ඉන්න නිසාමද මන්දා වයසින් වැඩි පිරිමි ගුරුවරුන්ටත් තියන එකම සතුට වැරදි අල්ලගෙන කට්ටියව කපා දැමීම. ඒක තමයි කොයි කවුරුත් නොදන්න හෙණගහන ඇත්ත. කොයිවෙලෙත් එක්කො ලමයෙක්ගේ වැරැද්දක් අල්ලගෙන කියවනවා, ඒ වැරැද්දට ගුරුවරු එකතු වෙලා ගොතන කතන්දර ඒ ලමයා සමහරවිට හීනෙන්වත් නොහිතපුවා වෙන්නැති. මේ දේවල් කෙරෙහි තිබුන අකමැත්ත සහ කලකිරීම නිසා මං හුඟක් වෙලාවට වෙලාව ගත කරේ ලැබ් එකේ. ඒකේ ඉඳගෙන මගේ වැඩක් බලාගන්න එක, මුකුත්ම නැත්තන් ෆෝන් එකේ පාට පාට බෝල අඳින එක මට සහනයක්, අනුන්ගේ රෙදි වල කුනු අපුල්ලන ඒවා අහන් ඉන්නවට වඩා. අද හුඟක් ගුරුවරු සෙමිනාර්ස් වගේකට ගිහිල්ලා නිසා ලැබ්ස් ඇරලා තිබුනේ නෑ. ඒක නිසයි මං මේ මෙතන ඉඳගෙන කට්ටියගේ කතා නිසා මගේ වැඩකට අවධානේ යොමු කරගන්න බැරුව ඉන්නේ. හුෆ්ෆ්ෆ්ෆ්. 

"විභූශිත සර් මොකද අද මේ පැත්තේ?" ක්‍රිශාන් ඇවිල්ලා මගේ ඉස්සරහ පුටුවෙන් ඉඳගත්තා.

හරිනේ.....අඩුවට හිටියේ ඔච්චරයි. නියමයි විභූ. මං අමාරුවෙන් හිනාවුනා.

"අද ලැබ්ස් වහලා" 

"ඔහෝ.....ඒකයි මේ....ඉතින් ඉතින්..කොහොමද ජීවිතේ?" ක්‍රිශාන් පුටුවේ හොඳට හරිබරි ගැහෙන ගමන් ඇහුවා. ඔක්කොමත් කමක් නෑ කියමුකෝ මුගේ මූණේ පෙරෙන පැණි බැල්ම තමා මට අල්ලන්නැත්තේ. ඇදලා අරන් නෙලාගෙන නෙලාගෙන යන්නමයි හිතෙන්නේ. 

MagisterWhere stories live. Discover now