8

1.4K 230 3
                                    


මං උදේ පාන්දරම නැගිටලා යාදෙව්ගේ කිරි එක හැදුවේ අද ගෙදර යන්න සේරම ලෑස්ති  කරාද කියලා මතක් කරන ගමන්. තාමත් මං තීරණයක් අරන් තිබ්බේ නෑ අපේ ගෙදර යනවද නැද්ද කියන එක ගැන. හදපු කිරි එක අරන් මං අපේ කාමරේට යද්දිත් යාදෙව් ඇඳේ පෙරලිලා ඉන්නවා.

"නැගිටපන් ඌරෝ.....වෙලාව බලහන්.....යනකොට නැගිට්ටවලා ගිය එකා ආයේ නිදි...." මං කිරි එක අතේ තියාගෙනම යාදෙව්ගේ පස්සට ගැහුවා. 

"ආව්හ්හ්හ්....රිදෙනවා ඕයී....හොඳින් කියපන්කෝ....කෙහෙම්මල..." යාදෙව් මාව ඇදලා ලං කරගෙන මගේ පිටට හේත්තු වෙලා නිදිකිරා වැටෙන්න පටන් ගත්තා.

"හලපන් පුලුවන්නම් කිරි එකත්.....නැගිටපන් යාදෙව් ගුටි කන්නැතුව මගෙන්. ලෑස්ති වෙයන් නැගිටලා."

"ම්හ්හූ.....නිදාගමුකෝ බං තව ටිකක්....හයිවේනේ යන්නේ...පැය තුනයිනේ..." යාදෙව් මගේ නිරුවත් පිටේ නහය අතුල්ලන ගමන් කිව්වා. 

"උඹ නැගිටිනවද? මගෙන් ගුටිකනවද?" යාදෙව් පොරවගෙන හිටපු රෙද්ද බිමට දාලා නැගිට්ටා.

"හරිනෙ....නැගිට්ටා....වදේ....." මට දුක හිතුනේ වදේ කිව්ව එකට. මං තේ එක දික්කරේ මගේ හිනාව මැකිලා යද්දි. උදේ පාන්දර ඉඳන් නැගිටගෙන මෙච්චර දේවල් කරලා වදේ කිව්වම දුක හිතෙනවනේ. 

"ඒයි...කෝ මට කිස් එක? ඒ...ඒ...ඕම ඉන්නෝ..." යාදෙව් කිරි එක කබඩ් එක උඩින් තියලා මං කාමරෙන් යන්න කලින් මාව අල්ලගත්තා. 

"ච්ප්...අතාරින්න...." මං එයාගේ අත් දෙක මගේ වටේ දාගෙන හිටපු ගැටේ ගලවන්න උත්සහ කරා.

"ඇයි මේ.....? මං මොනහරි දුක හිතෙන දෙයක්වත් කිව්වද?"  යාදෙව් මාව එයා දිහාට හරවගෙන ඇහුවා.

"වදේ කිව්වේ.....දුක හිතෙනවනෙ එහෙම කියද්දි....." මං මූණත් බෙරි කරගෙන කිව්වේ ඇත්තටම දුකෙන්. පොඩි පොඩි දේවල් රිදෙනවා ගොඩක්. හුම්. 

"විභූහ්හ්.....එහෙම වදයක් කිව්වා නෙමේ බං.....උඹ ඕනවට වඩා හිතනවා හැමදේම."

"හරි...මංනේ හිතන්නේ....යන්න දෙනවා මට...." 

"ඒ....ඒ.....මේ අහනෝ....සොරි ඉතින්....උඹ මට වදයක් නෙමේ බං.....දන්නවනේ උඹ ඒක හොඳටම...." යාදෙව් මාව වඩාගන්න ගමන් කිව්වා. මං ගස්සලා අහක බලාගත්තා. 

MagisterWhere stories live. Discover now