මං යනකොට යාදෙව් සර්විස් ස්ටේශන් එකේ කස්ටමර්ස්ලට තියන ඒරියා එකේ ඉඳන් ටැබ් එකේ මොනවදෝ බලනවා. මං ත්‍රීවීල් එකට ගාන දීලා කෙලින්ම යාදෙව් ගාවට ගියේ ත්‍රීවීල් එකේ මනුස්සයා ඉතුරු සල්ලි ගැනත් මොනවදෝ කියවද්දි. මං මුකුත්ම නොකියා දොර ඇරගෙන ගිහින් යාදෙව්ගේ එහා පැත්තෙන් වාඩි වෙලා උරහිසට ඔලුව තියාගත්තා. එකපාරටම සිද්ධ වුන දෙයින් යාදෙව් ගැස්සිලා ගියා. ඒත් එයා කොහොමහරි අඳුරගත්තා ඒ මං කියලා.
"විභූහ්හ්....මොකෝ බං මේ? මං කිව්වනේ මට කෝල් එකක් දෙන්න කියලා...." යාදෙව් මගේ කම්මුලකට අතක් තියන ගමන් ඇහුවා. ගොඩක් වෙලා ඒසී එකේ ඉඳපු එයාගේ අතේ සීතල මට සහනයක් වෙද්දි මං අත් දෙකෙන්ම අල්ලලා ඒ අත මගේ කම්මුලට තද කරගත්තා. මං කැප් එක තවත් පහතට ඇදගත්තේ මගේ කඳුලු කාටවත් නොපෙනෙන්න.
"බෝලේ.....ඇයි මේ ආ....?"
"ශ්ශ්ශ්....මුකුත් කියන්නෙපා....මට මෙහෙම ඉන්න දීපන්...." මං යාදෙව්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන කැප් එකෙන් මූණ වහගත්තා. යාදෙව් මගේ කැප් එක උස්සලා බලලා එයාගේ ලේන්සුව අරන් මගේ මූණ පිහිදලා දැම්මා. එයාගේ දරදඬු දිග ඇඟිලි මගේ කොණ්ඩේ අස්සෙන් යනකොට මගේ හිතේ තිබ්බ බර සේරම සැහැල්ලු වෙනවා වගේ දැනෙන්න ගත්තේ මට නිදිමතක් එද්දි.
"ඔහොම නිදාගන්න විභූ....නැගිටලා කතා කරමු සුදූ.....නිදියගන්න ඔහොම...මං ඉන්නෝ උඹ ලඟින්....." යාදෙව් මගේ ඔලුව අතගාන ගමන් මුමුණද්දි ඒ ශක්තිමත් අත් අතරේ මං ගැඹුරු නින්දකට වැටුනේ හිතට මහා වෙහෙසකාරී බවක් දැනෙද්දි.
......................................................
මං ඇහැරෙනකොට හිටියේ ජීප් එකේ. යාදෙව් එක අතකින් මගේ අතින් අල්ලගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා. මං අත් දෙකෙන්ම ඇස් දෙක පොඩි කරේ තිබ්බ තෝන්තු ගතිය අඩු කරගන්න. යාදෙව් ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියලා මගේ දිහා බලලා හිනා වුනා.
"මගේ බෝලේ නැගිට්ටද?"
"ම්ම්ම්ම්...."
"සනීපයක් දැනෙනවද උඹට...?" මං ඔලුව ඉහල පහල යැව්වේ ඔව් කියලා පෙන්නන්න.
YOU ARE READING
Magister
General Fictionමං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||