HIKIZ 18

1.3K 268 56
                                    

'' චානු අය්යේ... ''

ඇති යන්තං හොස්පිටල් එක ඇතුළට යන තැනදි සහන්සට සතීශ්ව සෙට් උනා.. ට්‍රේන් එක පැය දහයක්ම පරක්කුයි. මේ අමුතු ඇටේ කවදද වෙලාවට වැඩක් කෙරුණේ.. ‍

''දෙය්යනේ අතට මොකද උනේ ? '' සහන්සගේ එල්ලන් තිබ්බ අත දැකලා සතීශ් ඇහුවේ කලබලෙන්...

'' දැන් කොහොමද ? '' සහන්ස ඇහුවේ හති දදා එයා දිහාවට දුවගෙන ආපු සතීශ්ට..

''දෙය්යනේ අතට මොකද උනේ ? '' සහන්සගේ එල්ලන් තිබ්බ අත දැකලා සතීශ් ඇහුවේ කලබලෙන්...

'' ඒක වැඩක් නෑ,. කො අනිත් අය ? ''

'' මාර වැඩක්නේ උනේ අය්යේ.....'' සතීශ් කිව්වේ හති දාන ගමන්...

'' ඇයි ? ''

සුදු බාප්පි ඇවිත් කෙයාන්ව එක්කගෙන ගියා.... '' සතීශ් කිව්වේ කෙයාන්ගේ ඉතිරි ෆයිල්ස් ටික සහන්සගේ අත උඩ තියන ගමන්..

'' මොකක් ? කෙයාන්ගේ අප්පච්චි ? කෙයාන් ගියාද ? '' සහන්ස තදින් ඇහුවේ තනි අතින්ම ෆයිල්ස් ටික උඩින් පෙරළන ගමන්...

'' ඔව්.. ඒක තමා මටත් හිතාගන්න බැරි අය්යේ.. කොච්චර කළත් මේකා සුදු බාප්පිට ආදරෙයිනේ.. '' සතීශ් කිව්වේ අද උදේ සුදු බාප්පියි උදය අංකලුයි ඇවිත් කෙයාන්ට කතා කරපු විදිය මතක් කරලා..

''  එක පාර නැති ඉලව්වක් කොහෙන්ද මතු වෙලා තියෙන්නේ ? හහ්.. ඇයි උබ යන්න දුන්නේ ? කො එතකොට චූටි ? ''  සහන්සට තද වෙලා කියන්න සතීශ්ට හොදටම පේනවා. මිනිහා ඉස්කොලේ කාලේ ඉදන්ම සහන්සට තද උනාම මොන වගේද කියලා හොදට අත්විදිලාත් පේනවා... අත්වල නිල් පාටින් නහර මතුවෙලා , ඇග පුරා දාඩිය දාද්දි සහන්ස කොහොමත් ඇත්තටම රීරි යකා වගේ තමයි.. දැන් කොහොමද කියපන්කො කියන්නේ චූටිත් එහේ කියලා.. සතීශ් හෙන අසරණ ලුක් එකේ බලාගෙන ඉදියේ දැන් මේ මනුස්සයාට උත්තරයක් දිලා තව අවුස්සනේ කොහොමද කියලා හිතන ගමන්...

'' චූටිවත් එක්කන් ගියානේ අය්යා.. '' සතීශ් ඔළුව කසන ගමන් කිව්වේ මේ දැන් මැරැම් කන්න උනත් එවරෙඩි පිට.. සහන්ස රවන රැවිල්ලට මිනිහාට තරුත් පේන ගානයි.. මොන මස්සිනාකාරයා උනත් ඉස්කොලේ කාලෙදිත් සතීශ්ලාගේ සිනියර් ගේම්ස් කැප්ටන් නෙව.. සහන්ස රවලා සද්ද නැතුව ආයේම ෆයිල්ස් ටික පෙරළුවේ සතීශ්ගේ මූණට ලේ උනද්දි.. අනිත් පැත්තෙන් චූටිව වෙන කොහේ කියලා තියන්නද ? කොහොම කිව්වත් චූටිගේ  භාරකාරිත්වය තියෙන්නේ කෙයාන්ට...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now