♡ 02

131 46 2
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ඕකට සීනි දාලා නෑ. ඔයා සීනි බොනවා නම් මේ පැත්තෙන් ගන්න."

ජිමින් හිටියෙ එයාගෙ අප්පාගෙ අවමංගල්‍ය චාරිත්‍ර වලට සහය වුණු පිරිසට තේ අල්ලන ගමන්.

ඒ අතරමැද තමන්ගෙ අප්පා කොයි තරම් අහිංසකද? පවුලෙ අයව බලාගත්තෙ කොහොමද? දවස පුරාම මහන්සි වෙලා නංගිවත් එයාවත් උස්මහත් කලා නේද? වගේ දේවල් ඔලුව වටේ කැරකෙන එක නම් නවත්තගන්න ජිමින්ට පුළුවන් උනේ නෑ.

අප්පාට හෘද ආබාධයක් තිබුනු බව ජිමින්ට රහසක් නොවුනත් කවුරුත් ප්‍රාර්ථනා කරන්නෙ දෙමව්පියන්ගෙ සුවය විතරක් වෙනකොට එයාට මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙලා තිබුනේ නෑ.

'ඔයා ඉස්සරහට ළමයි දෙන්නව බලාගන්න යන්නෙ කොහොමද මැටිල්ඩා?'

හිස් තේ කෝප්ප එකතු කරගෙන හෝදන්න ගෙනියන ගමන් හිටපු ජිමින්ගෙ අවදානය එයාගෙ ඔම්මා එක්ක සංවාදයක හිටපු චාර්ලිගෙ වචන වලට ඇදිලා ගියා.

අනිත් අයගෙ කතා වලට ඇහුන්කම් දෙන එක නරකයි ජිමින්, ඒත්..

'ජෝර්ජ් මට එයාගෙ ගෙදර වැඩට කතා කලා. මම හිතන්නෙ නෑ ළමයිව තනියම තියලා මට යන්න පුළුවන් වෙයි කියලා.'

'චෙරි විකුණලා විතරක් ළමයි දෙන්නෙක්ට කන්න දෙන්න බෑ මැටිල්ඩා. ඔයා දන්නවා හන්ටර් දවසකට රස්සාවල් තුනක් කලා කියලා.'

'මට වෙන දෙයක් මතක් වෙන්නෙ නෑ.'

'ජෝර්ජ් ඇරුනම මේ ගමේ හැමෝම ජීවත් වෙන්නෙ දවසෙ පඩියට. ඒත් මට ඔයාට එක උදව්වක් කරන්න පුළුවන්.'

'ජිමින්ව එක්ක යන්න දෙන්න මට හිත හදාගන්න බෑ චාර්ලි.'

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin