♡ 06

110 48 4
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ඔම්මා!"

ජිමින් මැටිල්ඩා ඉදිරියෙන් දණ නමනකොට චූටි නංගි එයාගෙ තුරුළට පැන්නා.

"කොහොමද චෙල්සි?"

ජිමින් චෙල්සිව වඩාගෙන කෙලින් වෙන තප්පරේට මැටිල්ඩා වගේම චාර්ලිත් පුටුවල අසුන්ගෙන හිටියා. නොදැක්කත් ජන්කුක් කාමරයට දුවන්න ඇති කියලා ජිමින්ට අනුමාන කරන්න පුළුවන් උනේ දවස් හතරක් චාර්ලිගෙ නිවසේ ජන්කුක් හා කාලය ගත කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි.

"ජිමින්, ඉතින් ඔයා හොඳින්ද?"

මැටිල්ඩා දුක්මුසුව නමුත් උද්‍යෝගයෙන් ප්‍රශ්න කලා. ඇලිස් වගේම චාර්ලිත් දැනගෙන හිටියා දැනට එයාලාගෙ අතින් ජිමින්ට අඩුවක් උනේ නැති බව.

"ඔව් ඔම්මා. ගෙදර වගේම. ඔයාලාත් හොඳින් ඇති කියලා මම හිතනවා."

ජිමින් චෙල්සිගෙ කොපුල් සිපගනිමින් හිටියා. ඇත්තටම, එයා එයාගෙ නංගිට ගොඩක් ආදරෙයි.

"කොහොමද ඔයාගෙ අලුත් යාළුවා මිනී?"

"නරක නෑ. අද වෙන්න ඕන ඉස්සෙල්ලාම තරහා නොගෙන කතා කලේ?"

ඇලිස් තේ අල්ලන අතරතුර ජන්කුක්ගෙ කාමරයේ දොර ලොකු සද්දයක් එක්ක විවෘත වුනු නිසා හැමෝගෙම අවදානය ජන්කුක්ට ලැබුනා.

"මම හොඳින් කතා කලේ නෑ!"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now