♡ 08

133 51 32
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"මම තේ ඇල්ලුවා ජිමින්. ඔයාට පුළුවන්ද ඔතන තියන විස්කෝතු ටික එයාලට දීලා එන්න?"

මැටිල්ඩා ජිමින්ගෙ අතට තේ බන්දේසිය දුන්නා. චාර්ලි පෙදරේරුවන්ට උදව් වෙන අතරේ ඇලිස් හිටියේ වැඩට ආපු අයට දවල් කෑම හදන ගමන්. ජන්කුක් ගොඩක් උනන්දුවෙන් ඇලිස්ට උදව් කරනකොට ජිමින්ට සිද්ධ උනේ විස්කෝතු අල්ලන්න. මීට පෙර දවස් කීපයකම ජිමින්ට චෙල්සිව බලාගන්න ලැබුනත් වැඩ කරන අයට විස්කෝතු දෙන්න යනවට වැඩිය චෙල්සිව බලාගන්න එක පහසුයි කියලයි ජිමින් හිතුවේ.

අදට ජිමින් ජන්කුක් එක්ක ආදර සම්බන්ධයක පැටලිලා අවුරුදු හතක් වෙනකොට එයාලා විවාහ ජීවිතයට එළඹිලා මාසයක් ගත වෙලා තිබුනා. චාර්ලි ජන්කුක්ගෙ අනාගතය වෙනුවෙන් ඉතිරි කරපු සල්ලි අරගෙන ගෙදර ඉඩම අයිනෙන් වගේ තවත් ගෙයක් අටවන්න තීරණය කලේ ජන්කුක්ට එයාගෙ ජීවිතය ජිමින් එක්ක තනියම ගොඩනගාගන්න ඉඩ අරින්න ඕන නිසා වෙන්න ඇති. 

"ජන්කූ.."

හවස් වෙනකොට ජිමින් ජන්කුක් වටේ කැරකෙන ගමන් නිමවෙමින් පවතින අලුත් ගෙදර දිහා බලාගෙන කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියා. 

"හ්ම්ම් මිනී?"

"ඔයයි මමයි විතරයිද මෙහෙ ඉන්න යන්නෙ?"

"නෑ!"

ජිමින් එයාගෙ අත ජන්කුක්ගෙ අතක පටලවගෙන උරහිසට ඔලුව තියාගත්තා.

"නෑ කිව්වේ?"

"ඔයාට ඕන උත්තරේ ඒක නෙමෙයිද ජිමින්?"

ජන්කුක් ජිමින්ගෙ පිටිපස්සට ගිහින් බදාගත්තෙ දෙන්නටම අලුත හදන එයාලගෙ පුංචි ගෙදර පේන විදියට.

"ඒක තමයි. ඒත්-"

"ෂ්ෂ්~ ඔයයි! මමයි! අපේ බබයි!"

ජිමින් මොහොතකට නිරුත්තර උනත් ඊළඟ විනාඩිය ගත වෙනකොට ජන්කුක්ට ප්‍රතිචාර දක්වගන්න පුළුවන් උනා. 

"ආදරෙයි කූ.."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ END!

+ කොහොමද ඉතිම්?

අන්තිමට දාපු කතාවකට වඩා නම් හොඳයි කියලා හිතෙනවා.

මොනවා හරි කියන්න :)

#coniglietto

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now