♡ 04

110 44 2
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"එනවද බෝල සෙල්ලම් කරන්න?"

"මාව පොඩි එකෙක් වගේ පේනවද?"

ජිමින් ප්‍රතික්ෂේප උනා. පසු ගිය දවස් තුනේ වගේම. බහුතරයක් දවස්වලට චාර්ලි එයාගෙ පුතාව වැඩට උදව්වට එක්ක යන්න පුරුදු වෙලා හිටියත් ජිමින්ව එක්ක ආවට පස්සෙ ඉඳලා ජිමින්ගෙ තනියට පුතාව තියලා යන්න චාර්ලි වග බලාගත්තා.

මුලදි ජිමින්ට අකමැති උනත් කාලය ගත වෙනකොට ඒක ඇරිලා යයි කියලා විශ්වාස කරපු චාර්ලි දිගටම එයාගෙ පුතාවත් ජිමින්වත් තනිව තියන්න උත්සාහ කලා. 

"තව ටික දවසක් උත්සාහ කරන්න ජිමින්. චාර්ලි එයාව එක්ක යන්නෙ නැති එක ගැන තරහක් විතරයි එයාට තියෙන්නෙ. ඇරත් ජන්කුක් ටිකක් මුරණ්ඩුයි."

චාර්ලිගෙ බිරිඳ ඇලිස් තමන්ට තේරුම් කරන්න යන්නෙ එයාගෙ පුතා නරක කෙනෙක් නෙමෙයි කියන එක කියලා ජිමින් දන්නවා. නරක කෙනෙක් උනත්, ඉස්සරහට ජිමින් ජීවත් වෙන්න ඕන මේ පවුල එක්ක කියන හේතුව විතරක් ඇති උනා එයාට ජන්කුක් වෙනුවෙන් ඉවසන්න.

"මට තේරෙනවා ඇලිස්."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now