♡ 07

111 46 4
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ජන්කුක්.. අමුතුයි!

තවමත්, මම මෙහෙට ඇවිත් සති හයක් ගත වෙලත් මම හිතන්නෙ එයා මාත් එක්ක හොඳින් කතා කලේ නෑ. සමහරවිට එයා මට කැමති නැතුව ඇති.

කොහොම උනත්, හැමදාම හවසට බෝල සෙල්ලම් කරන්න මම වෙනුවෙන් පැය තුනක් එයා වෙන් කරලා තිබුනා.

ජන්කුක් චාර්ලි වගේද ඇලිස් වගේද කියලා කියන්න අමාරුයි. බෝල ඇස් දෙකට හාදත් කට එයාට ඕනවටත් වඩා ගැලපුනා. මට වැඩිය අවුරුදු එක හමාරක් විතරක් වැඩිමහල් වුනු ජන්කුක් වැඩිපුර ලස්සන උනේ තනි කලු පැහැ ඇඳුමටත් වඩා පැත්තට පීරපු කොණ්ඩෙට.

කොයි තරම් උත්සාහ කලත් ජන්කුක් ප්‍රමාණයට වඩා කඩවසම් කියලා හිතෙන එක මට නවත්තගන්න පුළුවන් උනේ නෑ.

"ඔයා මට කැමතිද ජිමින්?"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Donde viven las historias. Descúbrelo ahora