☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"කොල්ලෝ! දැක්කද ඔයාගෙ ඔම්මා මට දීපු අවවාද කොච්චරද කියලා?"
හන්ටර්ගෙ මරණයෙන් සතියකට පස්සෙ පරණ යකඩ ගොඩකට සමාන කරන්න පුළුවන් චාර්ලිගෙ මෝටර් රථයේ රියදුරු ආසනයට වම්පසින් ජිමින් අසුන්ගෙන හිටියා. ගල් බහුල පාරක් නිසාම ගැස්සෙන රථයෙන් ඇහෙන යකඩ ශබ්දය පරදා කෑගසන චාර්ලි කල්පනාකාරීව වටපිටාව නරඹන ජිමින්ට බාධා කලා.
"මම දන්නවා එයා ගොඩක් වද වෙනවා කියලා. අප්පාගෙ වැඩට උදව්වට යන දවසටත් ඔහොමයි."
"එයා බයයි ඔයාව ඈත් කරගන්න ජිමින්. ඒත්, මම හිතන්නෙ ඔයා දන්නවා මම ඔයාව එක්ක යන්නෙ ඔම්මාට දෙන්නම බලාගන්න අමාරු නිසා විතරයි කියලා."
ජිමින්ගෙ අප්පා ගමේ පොහොසතෙක් වුනු ජෝර්ජ්ගෙ පවුලේ රියදුරා විදියට මාසික පඩියක් ලැබූ අතර කුඹුරු වැඩවලට අමතරව බොහෝවිට එළවළු වෙළෙඳාමෙහිද නිරත උනා.
පැය පහළොවකට අධික වෙලාවක් රැකියාවල නිරත වුවද ලැබෙන ආදායම කෑම වලට පමණක් ප්‍රමාණවත් වෙනකොට ජිමින්ගෙ ඔම්මා වත්තේ වැවෙන සාරවත් චෙරි ඵලදාව විකිණීමට යොමු වී තිබුනා.
මෙවැනි අසීරු කාල පරාසයක් පසු කරමින් සිටියදි පවුලේ ප්‍රධානියා මියයාම පාර්ක් පවුලට ගොඩක් කණගාටුදායක වගේම දරාගත නොහැකි වෙන්වීමක් කියන එක ගැන පුදුම වෙන්න ඕන උනේ නෑ.
"ඔයාගෙ පුතා ගැන අප්පා මට කියලා තිබුනා චාර්ලි. කොහොමද එයාගෙ වයස?"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ESTÀS LLEGINT
ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]
FanfictionMeet me at the bottom of the ocean... Where the time is frozen!