2 කොටස

593 112 8
                                    

03

" ඇයි මුගෙ ඇස් නිල් පාට.. " මං තිලාන්ගෙන් ඇහුවෙ නිවේද්ගෙන් ඇස් අහකට ගන්න ගමන්... අපි හිටියෙ කොළඹ ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයක... සෙනසුරාදා දවස කියන්නෙ ටියුෂන් වලටම වෙන් වෙච්ච දවසක්නේ.. ඉතින් හැම සෙනසුරාදම මම නිවේද්ව දකිනවා... ඒත් අද...... කිසි හේතුවක් නැතුව හිත එයා ළඟම දැවටෙන්නෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ..

" කාගෙ? " රෝල්ස් එකකට අවදානේ සම්පූර්ණයෙන්ම දීල තිබ්බ තිලාන් මගෙන් ඇහුවා... මම කලේ ඇස් වලින් නිවේද්ව පෙන්නපු එක..

" ආ.. උගෙ අයියගෙ ඇසුත් ඔහොම නිල් පාටයි... අපේ අම්මනම් කිවුවෙ උන්ගෙ අම්මා පිටරටක කෙනෙක් කියලා. ඒ ආරෙට තමා ගිහින් තියෙන්නෙ... " තිලාන් කිවුවෙ රෝල්ස් එක කනගමන්..

" ඒත් මං දන්න විදියට උගෙ අම්මා තාත්තා නෑනේ " මං තිලාන් දිහා බැලුවෙ නිවේද්ගෙ අම්මා ගැන ඌ කොහොමද දන්නෙ කියලා කුතුහලේකින්...

" නෑ තමා.. අම්මා නැති වෙලා තියෙන්නෙ නිවේද්ව හම්බ වෙද්දිලුනේ. ඒ කාලේ අපේ අම්මලා  මළ ගෙදරට එහෙම ගිහින් තියෙනවා... ඊට පස්සෙ තාත්තා වැඩි කාලයක් ඉදලා තියෙන්නෙ රට.. මූයි මුගෙ අයියයි ගෙදර වැඩට ඉන්න එක්කෙනා තමා බලාගෙන තියෙන්නෙ.. තාත්තත් නැති උනාට පස්සෙ අයියා බිස්නස් වලට එකතු වෙලාලු... දැන් ඌ මේ දවස් වල රටලු... ඒකයි නිවේද් ස්කූල් බස් එකේ එන්නෙ.. "

" එහෙමද.. " මං හූමිටි තිබ්බෙ නිවේද් ගැන හිතේ පිරිච්ච අනුකම්පාවකින්.. අපේ අයියා නිසා නිවේද් අපේ ගෙදර ප්‍රසිද්ධ මාතෘකාවක් උනාට එයා ගැන මෙච්චර විස්තර මං දැනගත්තෙ අද. එයාලගෙ ගෙවල් තිලාන්ගෙ ගෙවල් ළඟ උනත්.. මට මෙච්චර කාලෙකට මෙහෙම උනන්දුවක් ඇති වෙලා නෑ.. මං නිවේද්ගෙන් ඇස් අහකට අරන් ෆෝන් එක ඔබන්න ගත්තා..

" උඹේ අයියා ඊයෙත් නිවේද් එක්ක ගහගත්තලු නේ.. "

" ම්ම්ම් "

" මට පේන්නෙ අදත් ගහගනී වගේ "  තිලාන් මට කිවුවෙ ඉස්සරහ පෙන්නන ගමන්..

ඉස්සරහ බලපු මම දැක්කේ අයියා.. අයියගෙ යාලුවො ටික නිවේද්ලා ඉන්න තැනට වෙලා කතා කරනවා.. මේ යකා කොයි වෙලේද ආවේ.. කතා කරන විදියෙන් නම් කෙරෙන්නෙ හොඳ කතාබහක් නම් නෙවෙයි කියලා තේරුණු මං ඉක්මනට එතනට ගියා.... ඒත් එතනට යද්දිම වගේ අයියා කියපු දේ හින්දා මං හිටපු තැනම ගල් උනා

Blue Eyed Boy 💙Where stories live. Discover now