7 කොටස

530 108 6
                                    


" කියන දේ අහනවකෝ " මං බයික් එකේ පිටිපස්ස සීට් එකේ ඉදන් නිවේද්ට කෑ ගැහුවා

" අම්මලා බනියි මට... කියලා ආවෙත් නෑ.. "

" හරි අපි ගිහින් කියමු.. ඕනනම් තිලාන්ටත් ෆෝන් එක දීල කියවමු.. "

" එහෙම බෑ... තිලාන් මොනා හිතයිද.. අනික ඔයාලගෙ අයියලා... අනේ මට නම් බෑ. මාව ගිහින් දාලා එන්න.. " මං හයියෙන් නිවේද්ගෙ කන ලගට කරලා කෑ ගැහුවෙ හුලං කපාගෙන බයික් එක ඇදෙන වේගෙට කියන කිසි දෙයක් ඇහෙන්නෙ නැති නිසා..

" බබා මේ... කියවන් නැතුව එනවා... කන ලගට වෙලා කෑ ගහන්නෙ නැතුව... " නිවේද් පිටිපස්ස හැරිලා සැර කරා...

මගෙ කට එහෙමම වැහුනා... අම්මලා බනියි කියලවත්... අද නිවේද්ලගෙ ගෙදර ඉන්න එක ගැනවත්... තිලාන්ට මේ ගැන කියන එකවත් ගැන තවත් මට කල්පනා උනේ නෑ... බබා... එයා මට බබා කියලා කතා කරා... මූ ආයේ මාත් එක්ක සෙල්ලම් කරන්නද එන්නේ...

*******************************************

" මොකෝ " නිවේද් හෙල්මට් එක ගලවලා ඇස් දෙකත් හීනි කරන් මගේ මූණට ලං උනා..

" මොකුත් නෑ "

" දැන් මේ මූණ දෙක කරන් ඉන්නෙ කලින් මං කෑ ගහපු හින්දද "

" ඔයා කෑගැහුවා කියලා අවුල් ගන්න මං පොඩි එකෙක්යැ "

" එහෙනම්... "

" යුවී.. " තිලාන්ගෙ කටහඬට මං පිටිපස්ස හැරිලා බැලුවා..

" උඹ මොනවද මෙතන කරන්නෙ... මං බයත් උනා ගෙදර ඉන්න ඕන එකා එකපාරට කෝල් කරලා නිවේද් අයියලගෙ ගේ ගාවට එන්න කියද්දි "

" මේකයි බං.. මං අද මේ...... අපි බැලුවේ... " මං අමාරුවෙන් වචන හෙව්වා...

" මල්ලි මේකයි... අද යුවී අපේ ගෙදර ඉන්නවා.. උඹට පුලුවන්ද යුවීගෙ ගෙදර අයට කියන්න අද මෙයා උඹලගෙ ගෙදර කියලා.. උඹලගෙ අම්මලට හදිසියෙ කොහෙහරි ගමනක් යන්න උනා හරි මොකක් හරි කියහන්... "

තිලාන් මං දිහා බලුවෙ කෑලි කපලා කන්න වගේ... ටිකක් වෙලා අපි තුන් දෙනා මූනට මූන බලන් ඉද්දි ඇති වෙලා තිලාන්ම කට ඇරියා...

" ගනින් ඉතින් "

" මොනවද බං " මං ඇහුවෙ හෙන පූස් පාට් එකෙන්..

Blue Eyed Boy 💙Where stories live. Discover now