18 කොටස

484 93 24
                                    


මං පහුවදා ගෙදර ආවේ කාලෙකින් හිතට දැනුන ලොකු සතුටකුත් එක්ක... ඒත් දෙවියො එක කරදරයක් ඉවර වෙද්දි තවත් කරදරයක් දුන්නෙ සමහරු කියනවා වගෙ එයාලා අපි වගේ අයට කැමති නෑ කියන එක ඔප්පු කරන්න වගේ...

ගේ ඇතුළට යද්දි මට දකින්න ලැබුනෙ මේ වගේ වෙලාවට දකින්න ලැබෙන්නෙ නැති දර්ශනයක්... අම්මයි තාත්තයි අයියයි තුන් දෙනාම සාලේ... වෙනදට අපි හැමෝම මෙහෙම එකතු වෙන්නෙ රෑ කෑම මේසෙදි.. කොහොම උනත් එයාලා මං එනකන් බලාගෙන හිටියා කියලා තේරුනේ මං ඇතුළට එද්දිම එයාලා මං දිහා බැලුව විදියෙන්...

අම්මා මං ගාවට ආවෙ හරියට නිකන් මං පැනලා යයි කියලා හිතන් වගේ හදිස්සියෙන්.. අම්මගෙ තඩිස්සි වෙලා තිබ්බ මූණ දිහා බැලුව මං පුදුම උනා.. ඒත් ඒ පුදුමෙ ලොකු බයකට පෙරලුනේ අම්මා මගෙ අතට දුන්නු දේ නිසා...

ඒතන තිබ්බෙ මගෙයි නිවේද්ගෙයි තුරුල් වෙලා උන්නු ෆොටෝ එකක්... මොලයක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා එතන යාලුකමක්වත් සහෝදරකමක් වත් නෑ කියන එක... මං ඔහේ ෆොටෝ එක දිහා බලාගෙන ඉද්දි අම්මගෙ සද්දෙන් මාව ගැස්සිලා ගියා...

" චූටී.... "

" මොකද්ද මේ..... උඹයි මේ කොල්ලයි අතර තියෙන්නෙ නරක සම්බන්දයක්ද.. ? "

නරක සම්බන්දයක්.?? මොකද්ද අපි අතරෙ තියෙන නරකෙ..?? පණ වගේ ආදරේ කරන එකද??.. හිතට මොන වගේ ප්‍රශ්න ආවත් ඒ එකක් වත් පිට කරන්න මට ශක්තියක් නෑ..

" කතා කරපන් යුවීශ.. " අම්මා මාව උරහිස් දෙකෙන් අල්ලන් හොල්ලන් ගියේ මගේ ඇස් වලට කදුලු වැටෙනකොට..

" අම්මා.. " මං යන්තමට වචන ඇහිලුවා...

" මේ බලහන්... අපිට තව එක බොරුවක්වත් කියන්න ලෑස්ති වෙන්න එපා... මේ අම්මගෙ ඔලුව උඩින් අත තියලා දිවුරලා ඉදපන්.... " අම්මා මගේ අතක් කරන් එයාගෙ ඔලුව උඩින් තියාගත්තා...

හැමදේම ඉවරයි.. මගේ හිත මට කිවුවා.. දැන් අම්මලාට මොනා කිවුවත් එකයි... මොකද එයාලා ඇත්ත දන්නවා...

මං ඇස් දෙක තදින් පියාගෙන ඔලුව වැනුවෙ ඉස්සරහට වෙන ඕන දේකට මූණ දෙන්න හිත හදාගෙන...

අම්මා සද්දෙ ඇහෙන්න හීල්ලුවෙ මගෙ බය තවත් වැඩි කරලා... ඒත් එක්කම ඉස්සරහ පැනපු අම්මා අත් දෙකෙන්ම මට ගහගෙන ගහගෙන ගියේ මං අම්මව නවත්තන්න උත්සහ නොකර ඔහේ බලන් ඉද්දි...

Blue Eyed Boy 💙Where stories live. Discover now