17 කොටස

498 94 12
                                    


" මට එක්කෙනෙක් ගැන සැකයි... "

" කවුද " මායි නවෝද් අයියයි දෙන්නම එකපාර ඇහුවා..

" සුදීප්.. "

" සුදීප් කියන්නෙ අර ෆොටෝ එකේ යුවී එක්ක හිටපු කොල්ලා නේද "

" ඔව් ඌ තමා.. "

" ම්හු... මං හිතන්නෙ නෑ අයියෙ.. මට ඌ එහෙම කරා කියලා හිතන්න අමාරුයි.. " මං කිවුවා..

" යුවී මල්ලි... මේ අහපන්.. අපි මේ ඉන්නෙ අම්මා තාත්තා පවා දරුවන්ට ද්‍රෝහී වෙන ලෝකෙක.. ඉතින් ඕනම කෙනෙක්ව ඇස් කන් පියන් විශ්වාස කරන්න එපා.. " නවෝද් අයියා කියද්දි නිවේදුත් ඒකට එකඟ උනා...

" හ්ම්ම්ම්... එහෙම උනොත් අපි ඒක ඔප්පු කරගන්නෙ කොහොමද.. " මං ඇහුවෙ මෙච්චර වෙලා මගෙ හිතේ තිබ්බ ප්‍රශ්නයක්..

" මෙහෙමයි අපි එකෙක් ගැනම සැක කරන් ඌ පස්සෙ පන්නන්න නරකයි... අනික යුවී මල්ලිගෙ විතරක් නෙවෙයි නිවේද් උඹේ ළඟ ඉන්න එවුන් ගැන පවා අපි හොයන්න ඕනා.. "

" මගෙ ෆෝන් එක මං එහෙම කාටවත්ම දෙන්නෙ නෑ.. හැබැයි කලාතුරකින් දෙන එකෙක්ට හිටියොත් ඉන්නෙ ඒ ජානකයා විතරයි... ඒකත් ඌ අපි දෙන්න ගැන දන්න නිසා... "

" ජානකව පොඩ්ඩක් පැත්තකින් තියන්න පුලුවන් මොකද මේක කරලා තියෙන්නෙ යුවී ක්ලාස් යන තැන ගැන දන්න කෙනෙක්.. එදා ෆොටෝ එකත් එවුවෙ මේකම නම්.. " නවෝද් අයියා නිකට අතගාන ගමන් කිවුවා..

" ඉතින් ජානක අයියා දන්නවනෙ මං ක්ලාස් යන තැන... එයත් ඒලෙවල් කාලෙ ගියේ ඒකටම තමා... "

" ඔව් බබා ඒත් ජානකයා තකහනියක් ක්ලාස් එකට ඇවිත් ඔයාගෙ ෆොටෝස් ගත්තා කියලා හිතන්නත් බෑනේ... නේද.. "

" ඔව් ඒකත් ඇත්ත... අනේ මන්දා මේක තව දික්ගැස්සෙනවා.. අපිට මූව අල්ලගන්න බැරි වෙයිද.. " මං ඇහුවෙ මේ ෆොටෝ ළඟ තියෙන කෙනා ගැන ඇත්තටම බයෙන්..

" කොහොමහරි අල්ලගන්න වෙනවා.. මෙච්චර දෙයක් කරපු එකාට මීට වඩා ලොකු දෙයක් කරන එක වැඩක් නෙවෙයි... මං පුලුවන් හැම විදියකටම බලන්නම් මේක හොයාගන්න... උඹලත් ලඟ ඉන්න එවුන් ගැන විමසිල්ලෙන් ඉදපල්ලා.. " එහෙම කියලා අයියා ටිකක් එහාට ගියෙ අපි දෙන්නට ටිකක් කතාකරන්න ඉඩදෙන්න..

Blue Eyed Boy 💙Where stories live. Discover now