11 කොටස

497 99 4
                                    


මං හොඳටම ගැස්සුනේ කන ගාවින්ම ඇහුන ඒ සද්දෙට... තප්පරයක් ඇතුළත කලුවරේ තිබ්බ මුලු ගේම එළිය වෙද්දි මං ඉස්සෙල්ලම දැක්කෙ ඉටිපද්දම් ගහපු කේක් එකක් අල්ලන් දත් සෙට් එකම එලියෙ දාන් උන්නු නිවේද්ව..... ඊට පොඩ්ඩක් පිටිපස්සෙන් නවෝද් අයියා  නිරාශා අක්කා වගේම චූටි දුවත් හිටියා....

දැකපු දේවල් එක්ක චුට්ටක් වෙලා කල්පනා කරද්දි මට හැමදේම තේරුම් ගියේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙද්දි...

නිවේද් කේක් එක මේසෙ උඩින් තියලා තුෂ්නිම්භූත වෙලා හිටපු මං ගාවට ඇවිදන් ආවා...

" හැපි බර්ත්ඩේ මගෙ රත්තරන්... " නිවේද් කිවුවෙ ඇස් දිහාම බලන් මගෙ මූණම අත් දෙකට අරගෙන.... ආදරෙන් පිරුණු ඒ ඇස් දෙක බලාන ටිකක් වෙලා උන්නු මම එයාගෙ පපුවට අත් දෙක තියලා තල්ලු කරලා අයියලා දිහා බැලුවෙ හොඳටම බය වෙලා...

ඒත් මං තවත් අවුල් උනේ ඒ මූණවල් වල තිබ්බ හිනාව දැකලා... මං තල්ලු කරපු පාරට ටිකක් පස්සට ගියපු නිවේද් ආයෙ මං ගාවට ඇවිත් මගෙ අතින් අල්ලගත්තා..

" එයාලා දන්නවා බබා... "

******************************************************

අපි හිටියෙ රෑ කෑම මේසේ... නිවේද්ගෙ පවුලෙ අයත් එක්ක උපන්දිනේ සමරපු මං හිටියෙ ගොඩක් සතුටින් ඒ වගේම ටිකක් අපහසුවෙන්... නිවේද්ගෙ යාලුවා වගේ මෙච්චර කාලයක් දැනන් හිටපු අයියයි අක්කයි මාව එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් විදියට දකින එක ගැන හිත හිත උන්නු මට එයාලගෙ මූණ දිහා ඔලුව උස්සලා බලන්න පවා අමාරු උනා...

" යුවී... මොකෝ මේ... අත ගගා ඉන්නෙ කන්නෙ නැද්ද... " අක්කා එකපාරටම ඇහුවා...

" අහ්...ම්.. මේ නෑ අක්කෙ කේක් කාපු නිසා කාගන්න බෑ වගේ... "

" ඇත්ත කියහන් මල්ලි කේක් නොකා හිටියත් කා ගන්න බෑ නේද " නවෝද් අයියා ඇහුවෙ අක්කා මූණ දෙක කරන් එයාට පාරක් ගහද්දි...

මුලු කෑම මේසෙම හිනාවෙන් පිරිලා ගියත් මට හිනා නොගියෙ හිතේ තිබ්බ අපහසුව හින්දම වෙන්න ඇති... ටික වෙලාවක් මං දිහා බලන් හිටපු නවෝද් අයියා ආයෙ කතා කරන්න පටන් ගත්තා..

Blue Eyed Boy 💙Where stories live. Discover now