අවසානය

1K 159 86
                                    


වර්තමානයට.....

" යුවී.. මොකද බං වෙලා තියෙන්නෙ... කවුද ඒ.. " දේවා මාව හොලවලා ඇහුවෙ මං නිවේද් ආර්ති දෙන්නා දිහා බලාන ඉද්දි....

මං ඒකට උත්තර දෙන්න හදද්දිම මෙච්චර වෙලා අපෙන් ඈතට වෙන්න ෆොටෝ ගගහා හිටපු ටෙනීශා එතනට දුවගෙන ආවා...

" බබා එන්නකො අතන ලස්සන පාලමක් තියෙනවා.. අපි එතනට ගිහින් ෆොටෝ එකක් ගහමු... " අඩි කිහිපයක් එහායින් ඉදන් අපි දිහා බලන් උන්නු දෙන්නා ගැන ගනන් නොගත්තු ටෙනීශා දේවාගෙ අතින් ඇද්දා...

" ඔහොම ඉන්න චුට්ටක් මේ යුවී... " දේවා කිවුවෙ මං දිහා බලන ගමන්...

" යුවී පැටියො අපි එතනට දුවලා ගිහින් එන්නම් හාද.. එතකන් ගිහින් හොඳ කොල්ලා වගේ අයිස්ක්‍රීම් ගන්නකෝ... " ටෙනීශා එහෙම කියලා දේවාත් ඇදන් ගියේ පාලම තියෙන පැත්තට...

මොහොතක් උන් දෙන්නා දිහා බලන් උන්නු මං ආයෙ නිවේද් දිහා හැරුණා... දේවා මං ගාව ඉද්දි එයා මං දිහා බලන් උන්නු විදිය ගොඩක් වෙනස් වෙලා... ඒ බැල්ම මට ආයෙ අපේ අතීතෙ මතක් කලා... එයා මං දිහා බලන් ඉන්නෙ ඉස්සර වගේම ගොඩක් ආදරෙන්... නැත්තන් ඒ මං හිතින් මවාගත්තු දෙයක්ද...

ඒ නිල් ඇස් මාව ආපහු අතරමං කරවනවා කියලා තේරුණු මං එයාලා එක්ක හිනාවෙලා ආපහු හැරුනෙ නොපෙනෙන තැනකට යන්න.... ඒත් අමාරුවෙන් හදාගත්තු හිත ආයෙ සම්පූර්ණයෙන්ම පෑරිලා තිබ්බෙ දරාගන්න බැරි වේදනවක් දැනෙද්දි...

මට අඩි කිහිපයක්වත් යන්න බැරි උනා.. එක පාරටම මගේ මැණික් කටුවෙන් අල්ලගත්තු අතක් මාව ආපස්සට හරෝලා ගත්තෙ මං ඒ අතේ අයිතිකාරයා දිහා බලද්දී...

මං දැක්කෙ ඒ ඇස්... මාව පිස්සු වට්ටපු... මං ආදරේ කරපු... මාව ගොඩක් අඩවපු ඒ නිල් ඇස්.... මගේ අතත් පපුවට තුරුල් කරන් උන්නු නිවේද් අනිත් අත මගෙ ඉණ වටින් යවලා මාව එයාට තද කරගත්තෙ අවුරුදු ගානක් නොලැබුනු ඒ පහස හොයන් මාත් ඒ අස්සෙම ගුලිවෙද්දී..

ඒත් හදිසියෙම මට මතක් උනේ ආර්තී... ඉක්මනට නිවේද්ගෙන් මෑත් වෙලා මං ආ‍ර්ති දිහා බැලුවා... එයා ගාව තව පිරිමි කෙනෙක් හිටගෙන ඉන්නවා... රැවුල මූණ පුරා වවලා තිබ්බට මට තප්පර කිහිපයකින් අදුරගන්න පුලුවන් උනා...

" දෙයියනේ තිලාන්... " මගෙ කටින් එහෙම පිටවුනේ ඇස් දෙකත් ලොකු වෙද්දී... තිලාන් ගොඩක් වෙනස් වෙලා උස ගිහින් මහත් වෙලා... මං දිහා බලලා හිනා උන තිලාන් ළමයත් වඩාගෙන උන්නු ආර්තිගෙ කර වටේ අතක් යැවුවා...

මං ඒක දැකලා පුදුමෙන් නිවේද් දිහා ආයෙ බැලුවා... ඒ කියන්නෙ ඒ දෙන්නා... නිවේද් මට හිතුන දේ තේරිලා වගේ ඔලුව වැනුවෙ මං ආයෙ තිලාන් ආර්ති දිහා බලලා හිනා වෙද්දී...

මට වැඩි වෙලාවක් උන් දෙන්නා දිහා බලන් ඉන්න බැරි උනා... නිවේද් ආයෙ මාව ඇදලා අරන් තුරුල් කරගත්තෙ මං ඒ කරවටේ අත් යවද්දී... ඉස්සර වගේ නිවේද්ට තුරුලු වෙන්න මට ඇඟිලි තුඩු වලින් ඉස්සෙන්න ඕන උනේ නැත්තෙ මං එයා තරම්ම උස ගිහින් තිබ්බ නිසා...

ඔයා මං වෙනුවෙන් මෙච්චර කල් හිටියද... මට තාමත් ආදරෙයිද... මාත් එක්ක තරහද... මේ වගේ ප්‍රශ්න ගොඩක් නිවේද්ගෙන් අහන්න හිතුණත් මං දිගටම ඒ පපුවට තුරුල් වෙලාම හිටියෙ නිවේද් මගෙ බෙල්ල මුල නොනවත්වා හාදු වලින් නාවද්දී...

දෛවයේ පරික්ෂාවකින් ජීවිතේ පොඩි කාල පරිච්ඡේදෙකට වෙන් උනත්... අපේ හිත් වල තිබුණු අවංක ආදරෙන් සම්මත අසම්මත් බැමි ඔක්කොම කඩලා දාන්න අපිට පුලුවන් උනා....

ඉතින් ආයෙ මගෙ නිල් ඇස් මට මඟහැරෙන්නෙ නැති වෙයි... ආයෙත් අපෙ ආදරේට බාධා එන්නෙ නැති වෙයි... මට ඒ ඇස් අස්සෙ සදහටම අතරමං වෙන්න පුලුවන් වේවී...

******************************************************

Blue eyed boy 💙 කතාව අදින් ඉවරයි... කතාව කියවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි....mufasapromax විශේශයෙන්ම ඔයාට... 😘

මේක මගේ පළවෙනි කතාව.. ඒ නිසා මේක අඩුපාඩු අනිවාරෙන්ම මට කමෙන්ට් එකකින් කියන්න වගේම කතාව රසවින්දනම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා... මොකද ඒක මට තවත් කතාවක් ලියන්න ලොකු ශක්තියක් වේවී...

ඉතින් තවත් කතාවකින් ආයෙ ඔයාලව හමුවෙනකන්  නවතින්නම්..

මං තරුකී පෙහන්සා 💕

Blue Eyed Boy 💙Where stories live. Discover now