5 කොටස

566 110 14
                                    

06

ක්ලාස් එකේ බ්‍රේක් එක උනත් මට කන්න කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ. මං හිටියෙ ඔහේ පැත්තක් බලාගෙන.. තිලාන් පසිඳු දෙන්නම මගේ ළඟ වාඩි වෙලා උන්නත් මගෙන් කිසිම දෙයක් ඇහුවෙ නැත්තෙ ඒ ගැන අහලා අහලාම උන්ටත් එපා වෙලා හින්දා වෙන්න ඇති..

නිවේද්ව එදා හම්බ වෙන්න ගිහින් අදට සති දෙකක් වෙන්නත් ළඟයි.. ඒත් එයාගෙන් එක කෝල් එකක්, මැසේජ් එකක්, අඩුම ගානෙ පොඩි හරි බැල්මක් වත් මට ලැබුනෙ නෑ.. ඒකට හේතුව එදා අපි දෙන්නගෙ කිස් එක කියලා දන්නවා උනත් මට දරාගන්න බැරි උනෙත් ඒකමයි.. මොකද එයාම තමයි මාව කිස් කරේ. එයාම තමා මාව ළං කරගත්තේ...

පළවෙනි හමුවීමෙ ඉඳලා එයාවම ඉල්ලන මේ හිත මේ වගේ තත්වෙක උනත් එයාවම ඕන කියලා කෑ ගහන්නෙ අයින් කරලා දාන්න බැරි තරමටම මං නිවේද්ට ඇබ්බැහි වෙලා තිබුණු හින්දා වෙන්න ඇති.. ඒක ආදරයක් උනත් ආකර්ශනයක් උනත්.. මොකක් උනත්... මට දවසින් දවස ගතවෙන්න ගතවෙන්න දැනුන දුක වේදනාව වැඩි උනා මිසක් අඩු උනේ නෑ..

ඔව් මං පො$නයෙක් වෙන්න ඇති කොලුකාරයෙක් වෙන්න ඇති සමනලයෙක් වෙන්න ඇති.. මං කවුරු උනත්.. කවුරු මොනා කිවුවත් මගෙ හිත නිවේද්ට බැඳිලා තිබ්බෙ ආයේ ලිහෙන්නෙ නැති වෙන්න.. මට අපේ බැඳීමට, මගේ හැඟීම් වලට ලේබල් එකක් ගහන්න ඕන උනේ නෑ. මට ඕන උනේ එකම එක දෙයයි.. ඒ නිවේද්ව.. එච්චරයි...

" මං ගිහින් එන්නම් මචන්ලා එහෙනම් සඳුදට මුණගැහෙමු.. " පසිඳු නැගිට්ටෙ ගෙදර යන්න.. ඌ කාණ්ඩ විෂයක් විදියට කොමස් කරන්නෙ නැති නිසා බ්‍රේක් එකෙන් පස්සෙ ගෙදර යනවා.. ඊට පස්සෙ ආර්ති ක්ලාස් එකට ආවට පස්සෙ අපි තුන් දෙනා කොමස් ක්ලාස් එකට යනවා. එහෙම තමා වෙන්නෙ..

පසිඳු පොත් දාපු ක්ලියර් බෑග් එකත් අතට අරන් මගෙ උරහිසටත් තට්ටුවක් දැම්මා.. මං නොකිව්වට මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා උන් දන්නවා...

විනාඩි දහයකින් වගේ ආර්ති ඇවිත් මගෙ එහා පැත්තෙන් වාඩි උනා..

" අහපල්ලකෝ " ඒ මූණ හිනාවෙන් පිරිලා කියලා මූණ දකින්නෙ නැතුව උනත් කටහඬින් මට හිතාගන්න පුලුවන් උනා. ආර්ති ලොකු සතුටකින්...

Blue Eyed Boy 💙Where stories live. Discover now