16 කොටස

484 94 15
                                    


කාලය හිමීට හිමීට ගෙවිලා ගියේ ඒලෙවල් වලට අපිව ළං කරලා... ඒත් ඒ කාලෙ ඇතුලෙ මං ගොඩක් වෙනස් වෙලා වෙනම යුවී කෙනෙක් විදියට ජීවත් උනේ හේතු දෙකක් නිසා... එකක් පණ වගේ ආදරේ කරපු එකාගෙන් ඈත් උන එක... අනික මගෙ සහෝදරයා.. මගෙම ලේ මාව අයින්ම කරලා දාපු එක...

නිවේද් ඒ ගෙවුනු කාලෙ ඇතුළත මාව හම්බ වෙන්න කොච්චර උත්සාහ කරත් මං ඒ හැම දෙයක්ම මඟඇරියා.. එයා මගෙ පස්සෙන් කතා කරන්න අවස්ථාවක් ඉල්ලන් එද්දි මං අයියගෙ පස්සෙන් කතා කරන්න අවස්ථාවක් ඉල්ලන් ගියා..

මං නිවේද් එක්ක රණ්ඩු වෙලා එහෙන් ඇවිත් දවස් දෙක තුනකට පස්සෙ අයියයි නිවේදුයි අතර ප්‍රශ්නයක් ඇති උනා... ඇත්තම කිවුවොත් අයියා නිවේද්ට ගහලා තිබ්බා.. නිවේද්ගෙ අත කැඩිලා අයියට කිසිම තුවාලයක් වත් තිබ්බෙ නැත්තෙ නිවේද් අයියට අතක්වත් තියලා නෑ කියලා ඔප්පු වෙද්දි..

නිවේද්ගෙ අඩුව මට තදින්ම දැනුනත් මට එයා එක්ක කතා කරන්න පොඩ්ඩක්වත් හිත දුන්නෙ නැත්තෙ ඇත්තටම හිත හදාගන්න ගොඩක් අමාරු උන හින්දා.. ඇත්තටම තිලාන්, සුදීප් හිටියෙ නැත්තන් මං එක්සෑම් එකට පොඩි හරි සූදානමක් වෙන්න නොතිබ්බා...

යාලුවො දෙන්නගෙ බල කිරීමයි තාත්තා අම්මා වෙන මහන්සියයි ගැන හිතලා අමාරුවෙන් හරි මං විභාගෙට පාඩම් කරලා මුහුණ දුන්නා... ඒත් ඒ එච්චර සාර්ථකව නෙවෙයි...

******************************************************

එක්සෑම් ලියලා සතියකට විතර පස්සෙ නවෝද් අයියා මාව හම්බ වෙන්න ගෙදරටම ආවෙ එවෙලෙ ගෙදර හිටපු අම්මවයි මාවයි පුදුම කරවලා...

අම්මා මං දිහා සැකෙන් වගේ බැලුවත් නවෝද් අයියා එක්ක පාර්ක් එකට ගිහින් කතා කරන්න අවසර දුන්නෙ ගෙදර ඇවිත් ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙයි කියලා ඇස් වලින්ම කියන ගමන්...

පාර්ක් එකට යනඅතරතුර අපි දෙන්නා අතරෙ කිසිම කතාවක් නොවුණෙ මාව පුදුම විදියට අපහසුවට පත් කරලා... මොකද නිවේද් නිසා මං නවෝද් අයිය එක්ක විතරක් නෙවෙයි නිරාශා අක්කා චූටි දුව එක්කත් ගොඩක් ළං උනා...

අයියා මාව එක්කන් ආවෙ මායි නිවේදුයි ඉස්සර කතා කර කර හිටපු පාර්ක් එකේ කොනකට... පරණ මතක ටිකෙන් ටික ඔලුව උස්සලා බැලුවත් මං පුලුවන් තරම් හැඟීම් පාලනය කරගත්තෙ වෙන කෙනෙක් ඉස්සරහා දුර්වලයි කියලා නොපෙන්නන්න...

Blue Eyed Boy 💙Where stories live. Discover now