_04_

138 27 0
                                    

                           

කලබලකාරී බව හොදින්ම පෙනෙන්න තිබුනු දහවල් සෝල් නගරය දිහා ටේහ්‍යුන්ග්ගෙ කාර්‍යාලයෙ ඇති විශාල වීදුරු ජනේල වලින් ඇය බලා සිටියා...
නගර මධ්‍යයේ පිහිටා ඇති මෙන්ම මහල් ගණනකින් සමන්විත වුනු ගොඩනැගිල්ලෙ ඉහළම මහලෙ ටේහ්‍යුන්ග්ගෙ කාර්යාලය තිබීම නිසා නගරයෙ හැම තැනක්ම ඒ වීදුරු ජනේල අතරින් පැහැදිලිව දිස්වුනා...
සැබැවින්ම එහි තිබුනෙ කලබලකාරීබවක්...
වෙලාවක් නොමැතිව කොහොමත් මෙහි තියෙන්නේ මේ ස්වරූපයම තමයි...
හරියට දැන් කෙල්ලගෙ හිත වගෙ...
නොසන්සුන් කලබලකාරී බවක්...
නමුත් කෙල්ල සුපුරුදු සන්සුන් ඇස් වලින්ම පිටතින් පේන දර්ශනය දෙස බලා සිටියා..
ඇතුලෙන් ගිනි ගොඩක හිටියත් පිටතින් හිම කන්දක් මෙන් සන්සුන් වෙන්න හැකියාවක් ඇයට තිබුනා...
ගැහැනිය කියන මාතෘකාව ඇතුලෙ තියෙන්නෙම ඒ වගෙ දරාගැනීමක්...
ඒක හැම ගැහැනියෙක්ටම හුරු දෙයක්...
කොතරම් ඇතුලින් දැවුනත් පිටින් නිසලව ඉන්න එක...
ඇය දෙසට හැරිලා තියෙන නෙත් යුගලයන් ද්විත්වය නොසලකා හැරම ඇය එලිය දිහාට නෙත් යොමු කරන් හිටියා...

ටේහ්‍යුන්ග් සහ ජන්කුක් මේ මොහොතෙ ටේහ්‍යුන්ග්ගෙ කාර්යාල මධ්‍යයේ තිබුනු මේසය අසල එකිනෙකාට මුහුණලා වාඩිගෙන සිටියා...
මීට මාස කිහිපයකට පෙර ඔවුන් එකට සිදුකිරීමට එකග වුනු ව්‍යාපෘතිය පිලිබඳව කතා බස් කරමින් සිටියා...
නමුත් ඔවුන් දෙදෙනාගෙම ඇස් විටින් විට ඔවුන්ට ටිකක් දුරින් පිටුපාලා සිටින ඇයගෙ රූපය වෙත නිරායාසයෙන්ම යොමුවුනා...
ඔවුන් දෙදෙනා අද මෙලෙස රැස්වීමටත් වඩා අවධානය තිබුනෙ ඇයට...
හරියටම කිව්වොත් සම්පූර්ණ අවධානය...
ඇය එතන ඉදියත් නොඉදියත් කොහොමත් ඔවුන් දෙදෙනාගෙම අවධානය හැම මොහොතෙම වගෙ ඇය බිදල දාලා ඇය වෙතට අරන් තිබුනා...
ඔවුන් එකිනෙකාට දුරින් හිටියත්....
ඒක සාමාන්‍යයයි...

මේ පිරිමි දෙදෙනාම ඇයගෙ ජීවිතයට වෙනස් අයුරින් සම්බන්ධයි...
ඉතින් ඇය ඔවුන් ඉදිරියේ සිටිද්දි ඇය දෙස නොබලා සිටීම අපහසුයි...
විශේෂයෙන්ම අනෙකාගෙ සිතෙ ඇති දේ හොදින්ම දැන සිටින විටදී...
නමුත් මේ කිසිවක් පිලිබඳව කෙල්ල සැලකිලිමත් නොවුන හැඩයි...
විශේෂයෙන්ම මෙතන ඉදීම ඇයට ගෙනාවෙ අපහසුවක්...
ජන්කුක් ඉන්න සමීපයේ ඉදීම...
ඔහුගෙ බැල්මක්වත් වැටෙන මානයක ඉදීම...
නමුත් ටේහ්‍යුන්ග් නිසා ඇයට මෙතන රැදෙන්න සිදුවෙලා තිබුනා...
ටේහ්‍යුන්ග්ට පිටුපාන්න බැරිවෙලා තිබුනා...
සරලවම කිව්වොත් ඇය පිරිමි දෙදෙනෙකුට මැදිවෙලා තිබුනා...
හැබැයි ඒ දෙදෙනා එකිනෙකට වෙනස්...

SELENE || JJK || Ongoing Where stories live. Discover now