ජන්කුක් හිටියෙ තමන්ගේ විශාල මන්දිරේ බැල්කනි එකට වෙලා මහ හඩින් වහින වැස්ස දිහා බලාගෙන...
හවස හය පමණ වෙලා තිබුනු නිසා පරිසරයේ අදුරත්, වැහි අදුරත්,බල්බයක්වත් නොදැල්වුනු ඒ මන්දිරයේ අදුරත් එකතුවෙලා අමුතු කලු පැහැයක් අරන් තිබුනා...
නමුත් ජන්කුක්ගෙ ජීවිතය තරම් නෙවෙයි...කෙටි කලු පැහැ කලිසමකින් පමණක් සැරසිලා හිටපු ඔහුට ලොකු සීතලක් දැනුනා...
ඊටවඩා සීතලක ඔහුගෙ හදවත පසු වුනා...
නමුත් වෙනදා වගේ එකම ස්පර්ශයකින් ඔහුගෙ ශරීරය උණුසුම් කරන්නවත්,
එකම වචනයකින් ඔහුගෙ හිත උණුසුම් කරන්නවත් ඇය ඔහු අසල හිටියෙ නැහැ...
කමිසයක් ඇදගන්න ඕන, උණුසුම් යමක් පිලියෙල කරගන්න ඕන යන හැගීමක්වත් ඔහුට දැනුන්නෑ...මේ වගේ කාළගුණයක, සීතලක උණුසුම් කෝපි කෝප්පයක් තිබුනා නම් කොතරම් කදිම දැයි ඔහුට සිතුනා...
ඊටත් වඩා ඒ හැමදේටම වඩා උණුසුමක් ගෙනෙන ඇය තමන් ලග හිටියා නම් කියලා ඔහුට සියදහස් වරක් හිතුනා...
වෙනදට මෙහෙම වෙලාවක ඇයගෙ අතින් උණුසුම් කෝපි කෝප්පයක් පමණක් නෙවෙයි ඇයගෙ ආදරණීය උණුසුමද ඔහුට ලැබෙන බව සිහිවුනා...
නමුත් ඔහු විසින්ම හැමදෙයක්ම මේ තත්වෙට පත් කරගෙන තිබුනා...
පසුතැවෙන්නවත්, නැවත අවස්ථාවක් ඉල්ලන්නවත් නොහැකි තරමටම...ජන්කුක් බර හුස්මක් හෙලල ඔහේ නිමාවක් නොමැතිව වැටෙන වතුර බිදු දිහා හිස් බැල්මකින් බලන් හිටියා...
ජන්කුක්ගෙ හුස්ම පොද පවා අමුතු සීතලක් අරන් තිබුනා...
එක අතකට ඒ අහසින් වැටෙන වැහි බිදුවලටත් ජන්කුක්ට වඩා අරමුණක් තිබුනා...
දීර්ඝ ගමනකට පස්සෙ පොලව ස්පර්ශ කරන්න ඕන කියලා හැගීමක් වැහිබිඳු වලට තිබුනා...
නමුත් මනුස්සයෙක් වුන ජන්කුක්ට මේ අවස්ථාවෙ කිසිම අරමුණක් තිබුනෙ නැහැ...
හුස්ම වැටෙන නිසා ජීවත් වුනා...ප්‍රතම වතාවට ජන්කුක්ට ඇයව මුණ්ගැහෙන්නෙත් මේ වගේම දවසක...
මේ වගේම මොර සූරන වැස්සක් තිබුනු, අදුරු රාත්‍රියක...
මෙලෙස වහින හැම වෙලාවකම ජන්කුක්ට ඒ දවස සහ ඇයව මතක් වීම නවත්‍තගන්න බැරිවුණා...
මුලින් ජන්කුක් ඒ දවසට ආස කරත් දැන් දැන් වෙනකොට මෙහෙම වහින එකට පවා වෛර කරන්න ගත්තා...
YOU ARE READING
SELENE || JJK || Ongoing
Fanfictionපුරහඳ දාට සේම අමාවකටත් එක ලෙසටම, ආවාට කඩතොළු සපිරුනත් එලිය දුන් සඳ, තරු දහසක් මැද තනිව දිදුලන ඇයත් උපමා විරහිතව සඳකි! _SELENE_