කාලෙකට පස්සෙ ජන්කුක්ගෙ ගෙදර අමුතු එලියකින් හැඩවෙලා තිබුනා...
ඒක මධ්‍යම රාත්‍රියත් පහුවෙලා තිබුනු අදුරු වෙලාවක් වුනත්...
සෙලීන් තමන්ව දාලා ගිය දා ඉදල නොතිබුනු, ඔහු නිතරම ආයෙත් බලාපොරොත්තු වුනු, සෙලීන්ටම විතරක් දෙන්න පුලුවන් වුනු ආකාරයේ එලියක්...
හරියට හදක එලිය වගෙ...
මොකද හදක එලිය දෙන්න වෙන කිසිදේකට බැහැ නෙ...
මොනව තිබුනත් හදෙන් දෙන එලියට සමාන කරන්න බැහැ නෙ...
ජන්කුක්ට ඒක තේරුම් ගන්න ගොඩක් කල් ගියා...ජන්කුක්ගෙ විශාල ගෙදර, ඔහුගෙ කාමරයෙ, ඔහුගෙ සුඛෝපභෝගි ඇද මත ආයෙත් සෙලීන් හිටියා...
නමුත් කලින් ඔහු සමග හිටපු හැගීමෙන් නෙවෙයි...
පහුගිය දවස් වල ඒ සයනයේ තිබුනු අඩුව, හිඩැස මීට කාලෙකට කලින් වගේම සෙලීන් විසින් මේ අවස්ථාවෙ පුරවල තිබුනා..
සෙලීන් ගියාට පස්සෙ අනිත් හැම වෙලාවටම වඩා රාත්‍රියට නිදන කාමරයෙ ඇද මත ජන්කුක්ට වේදනාව, පාලුව වගේම ඒ අඩුව හොදින්ම, තදින්ම දැනුනා...සිතුවිලි වලින් බැටකන නිසා ඒකට පිලියමක් විදියට පුලුවන් තරම් රෑ වෙනකම් තමන්ගෙ කාර්‍යාලයේම හිදින්න වගබලාගත්ත ජන්කුක් උදේ එලිය වැටුන ගමන්ම ආයෙත් කාර්‍යාලයට යන්න, ඒ වැඩ වලට හිරවෙන්න හුරුවෙලා හිටියා...
මොකද ඒ ගෙදර අස්සක් මුල්ලක් නෑරම සෙලීන්ගෙ මතක වලින් පිරිල තිබුනා..
එවගෙම ජන්කුක්ගෙ හිතෙත්...
නමුත් රෑවෙලා ගෙදරට ඇවිත් නිදියන ටිකවත් නිදහසේ නිදාගන්න ජන්කුක්ට නොහැකිවුනෙ සෙලීන්ගෙ එ මතක නිසා...
විශේෂයෙන්ම ඔහුගෙ කාමරය පුරා, ඇද මත....ඒකට පිලියමක් විදියට තමයි ජන්කුක් මත්වෙන්න ගන්නෙ...
නමුත් ඒකෙනුත් උනෙ හැමදෙයක්ම තවත් වැඩිවුන එක විතරයි...
හැම පැත්තෙන්ම ජන්කුක් අසරණ වුන එක විතරයි...
ඇත්තටම ජන්කුක් හුස්ම වැටෙන ප්‍රානියෙක් විතරක්ම වුනා...
සෙලීන් මුණගැහෙන්න කලින් ගෙවපු ජීවිතේම ආයෙත් ඔහු ගතකරමින් හිටියා...
සමහරවිට ඊටත් වඩා අන්ත විදියට~මේ හේතු නිසාම, හරියට නින්දක් ලැබුනෙ නැති නිසාම වෙන්නැති ජන්කුක් වෙරිමතින් වුනත් මෙ වෙලාවෙ සෙලීන්ගෙ තුරුලෙ හොඳටම නිදාගනිමින් හිටියෙ...
ඒ විශාල සයනය මත වැතිරිලා හිටපු සෙලීන්ගෙ පපුව උඩ හිස තියාගෙන තමන්ගෙ ශක්තිමත් අතකින් කෙල්ලව තදින් බදන් ජන්කුක් හොඳ නින්දක හිටියා...
හරියට කෙල්ලව තමන්ව දාලා ආයෙ යයි වගෙ...
තමන් නින්දෙ ඉද්දි කෙල්ල තමන්ව දාලා යයි වගෙ...
නින්දෙ නෙවෙයි ඇස් ඇරන් ඉදපු වෙලාවෙත් කෙල්ල ජන්කුක්ව දාලා ගිය එකෙ ආයෙත් එහෙම නොකරයි කියලා විශ්වාස කරන්න බැහැ...
ජන්කුක්ව ආයෙත් දකින්නවත් එපා කියලා සෙලීන් ප්‍රාර්ථනා කරන කොට...
YOU ARE READING
SELENE || JJK || Ongoing
Fanfictionපුරහඳ දාට සේම අමාවකටත් එක ලෙසටම, ආවාට කඩතොළු සපිරුනත් එලිය දුන් සඳ, තරු දහසක් මැද තනිව දිදුලන ඇයත් උපමා විරහිතව සඳකි! _SELENE_