_07_

114 22 0
                                    


"ටේහ්‍යුන්ග්"

"ම්ම්ම්"

"ඔයාට මතක ද දවසක් මං කිව්වා අර NGO එකක් ගැන..."

"හ්ම්ම්"

"ඉතින් ඔයාට පුලුවන්ද අර මං කිව්ව වැඩේ කරන්න..."

"ඉන්න.."

ටේහ්‍යුන්ග්ගෙ නිදන කාමරෙ ඇද උඩ ඔහු හෙඩ්බෝඩයට පිට තියන් හේත්තු වෙලා සිටිද්දි කෙල්ල ඔහුගෙ උරහිසට ඔලුව බරකරන් තුරුලුවෙලා හිටියා...
දෙන්නා අතරෙම ලොකු කතාබහක් නැතුව නිහඬබවට ඉඩදීලා තිබුනෙ ජන්කුක් කරපු ආක්‍රමණයත් එක්ක විවිධ කාරණා හේතුවෙන් මේ දෙන්නගෙම හිත් කටවල් වලට වඩා දොඩමළු වෙලා තිබුන නිසා වෙන්න ඇති...

නමුත් තමන් මොන තත්වෙ හිටියත්, තමන් නිසා තමන් වෙනුවෙන් මෙච්චර දේවල් කරන ටේහ්‍යුන්ග් කනස්සල්ලෙන් ඉන්නවා දකින්න අකමැති වුන ඇය ඔහුව කතාවකට ඇදල ගනිමින් තිබුනු නිහඬබව බිදල ඒ වාතාවරණය ටිකක් මද කරන්න උත්සාහයක් ගත්තා...

" දැන් නෙවෙයි...හිමීට...මං කියන්නේ හෙට උදේට වගෙ...එතකොට මට පුලුවන් හෙට දවස ඇතුලත ගිහින් ඒක දීලා එන්න..."

තමන් මතක් කර දේත් එක්ක මොහොතක්වත් පරක්කු නොවී ඒ වෙලාවෙම ඇදෙන් නැගිටල තමන්ගෙ චෙක් පොත ගන්න ගිය ටේහ්‍යුන්ග්ව ඇය අතින් අල්ලල නැවත්තුවෙ මේ හදිසියේ ඒක ඕන නැති නිසා වගේම ව්‍යාකූල වෙලා ඉන්න ඇයට ටේහ්‍යුන්ග්ගෙ උරහිස, උනුසුම මේ වෙලාවෙ අවශ්‍ය නිසා....
අනිත් අතට ටේහ්‍යුන්ග් ඇය කියන දේවල් මොහොතක්වත් ප්‍රමාද නොකර ඉටු කරන්න වගබලාගත්තා...

මේ පිලිබඳවත් ඇය විමසල ගොඩක් දවස් වුනත් වැඩ රාජකාරි නිසාම ඔහුට ඒක අමතක වෙලා ගිහින් තිබුනා...
නමුත් ඇය ආයෙත් මෙහෙම මතක් කර වෙලාවෙ ඒක නොසලකා ඉන්න ඔහුට ඕන වුනෙ නැහැ...

" ඔයා තාමත් අරූ කිව්ව ඒවා හිතනවද !?"

උත්තරය හොදින්ම දැනගෙන ටේහ්‍යුන්ග් ඇහුවෙ කෙල්ලව ආයෙත් තමන්ගෙ තුරුලට ගනිමින්...
මොකද ඒ වචන ඇත්තටම ඔහුව පීඩා කල නිසා...
එතකොට තමන්ට වඩා වේදනාවක් අනිවාරෙන්ම කෙල්ලට ඇති වුන බව දන්න නිසා...

" මට එයා කිව්ව දේවල් ගැනවත්, එයා ගැනවත් එහෙම නොහිතා ඉන්න අමාරුයි ටේහ්‍යුන්ග් ඔයා ඒක හොඳටම දන්නවා නෙ...
ඒත් මං එහෙම උත්සාහ කරනවා...එනිසා ඔයාත් ඒ දේවල් ගැන වැඩිය නොහිතා ඉන්න..."

SELENE || JJK || Ongoing Where stories live. Discover now