_08_

114 17 1
                                    


ජන්කුක් හිටියෙ රාත්‍රි සමාජ ශාලාවක...
සරලවම කිව්වොත් ක්ලබ් එහෙක...
ජන්කුක්ට මේ වගෙ තැන් සාමාන්‍යයයි...
නමුත් සෙලීන් මුණගැහුනට පස්සෙ එයා මෙහෙම තැන් දිහා නොබලන්නවත් වගබලාගත්තා..
ඇයි තමන් එහෙම කරේ කියලා ජන්කුක්ට තාමවත් හිතාගන්න බැරිවුනත් ඔහු එහෙම කරල තිබුනා...
ඔහුව ඒ තැනට සෙලීන් පොළඹවලා තිබුනා...

නමුත් දැන් සෙලීන් ඔහු ලග නැහැ...
ඉතින් තවදුරටත් ඒ පිලිවෙත් රකින්න අනවශ්‍යයි කියලා ජන්කුක්ට හිතෙන්න ඇති...
රකින්න දෙයක් නැහැ...
ඔහුව බලාපොරොත්තුවෙන් කවුරුත් නැහැ...
ඔහුට මොනව වුනත් හොයන්න කෙනෙක් නැහැ...
ඇත්තටම දැන් තමන් ඒ දේවල් වලින් වැලකෙන්නෙ මොකටද !? කා වෙනුවෙන් ද!?

එතකොට සෙලීන් ඉන්න කාලෙ ඒ දේවල් වලින් වැලකුනෙ සෙලීන්ට බය නිසාද!?
සෙලීන් නිසාද!?
එහෙම දේකින්වත් කෙල්ලගෙ හිත නොරිද්දුවෙ ඇයි!?
කෙල්ල අකමැති දේවල් වලින් ඈත්වුනෙ ඇයි!?
මොකක්ද හේතුව !?
සෙලීන් ගැන කිසිම හැගීමක් නැත්තං ඇයි එහෙම කරේ!?
ජන්කුක්ටත් නොදැනිම ඒ කාලෙත් හැමදේකම පිටිපස්සෙ ලොකු හේතුවක් තිබිලා තියෙන බව තේරෙනවා නේද !?
ඉතින් ජන්කුක්ට තාමත් ඒක තේරෙන්නේ නැද්ද !?

කලින් කොහොමද නොදන්නවා වුනත් දැන් දැන් ජන්කුක්ට ඒක තේරෙනවා...
නමුත් දැන් සෙලීන් ඔහු ළග නැහැ...
ඔහු ලග තියෙන්නේ වේදනාව, විරහව, පසුතැවීම වගෙ දේවල් විතරයි...
ඒ දේවල් දැනෙනකොට ඒක මකාගන්න ජන්කුක් ලග තියෙන්නේ මේ මත් වතුර විතරයි...
මං කලිනුත් කිව්වා ඒ තමයි පිරිමි ගාව තියෙන හොඳම පිළියම...
මත්වීම...මත්වතුර...
ජන්කුක් කියන්නෙත් පිරිමිකම ගැන උදම් අනපු පිරිමියෙක්...
ඉතින් අනිත් උන් වගේම වේදනාවෙන් මිදෙන්න එයත් මේ මාර්ගය තෝරනොගනී කියලා හිතන්න පුලුවන් ද!?

වෙනදට ජන්කුක් මත්වෙන්නෙ ඔහුගෙ නිවසෙ ඇති කුඩා බාර් එකෙන්...
නමුත් අද ඔහු කාලෙකට පස්සෙ ක්ලබ් එහෙකට ඇවිත් තියෙනවා...
ඉස්සර ගෙදර තරමටම පුරුදු තැනක් වුන ක්ලබ්, පහුගිය කාලෙ ජන්කුක්ගෙ බැල්මක්වත් වැටුනෙ නැහැ...
නමුත් දැන් ආයෙත් ඔහු එතනට වැටිලා...
කලින් හිටි තත්වෙටම...
මං කිව්වනෙ ගැහැනියෙක්ට ගොඩක් දේවල් කරන්න පුලුවන්...

SELENE || JJK || Ongoing Where stories live. Discover now