_10_

108 20 4
                                    


" Please dont leave me baby"

ඒ වචනත් එක්ක ජන්කුක්ගෙ ග්‍රහණය තව තවත් වැඩිවෙලා කෙල්ලව ඒ පපුවටම හිරවෙද්දි, කෙල්ලගෙ ඉන වටේ ඒ ශක්තිමත් අත් එතෙද්දි සෙලීන්ට තේරුනා හිතත් එක්කම තමන්ගෙ මුලු සිරුරම අඩපණ වෙන බවක්...

කොච්චර තමන්ටම කියාගත්තත්, හිත ශක්තිමත් කරගත්තත්, ජන්කුක් ඉස්සරහ දුර්වල නොවී ඉන්න උත්සාහ කරත් ඉස්සර වගේම කිසි වෙනසක් නැතුව ඒ වචන, ඒ උණුසුම, ඒ ස්පර්ශ ඉදිරියේ තමන් තමන්ටම දාගත් හැම සීමාවක්ම බිදිලා ගිහින් ඔහුට අවශ්‍ය විදියට හැසිරෙන එක, පාලනය වෙන එක තාමත් නවත්තගන්න බැරි බව සෙලීන්ට තේරුනා...
ඒක කෙල්ලව නොසන්සුන් කරා...

ඇයට මේ කිසිදෙයක්, ඉස්සර වගෙ කිසිම දෙයක් ආයෙත් සිදුවෙන්න උවමනා නැති වුනත් දේවල් මෙහෙම වෙන එක ඇයට නවත්තන්න පුලුවන් වුනෙ නැහැ...
සමහරවිට මේක ඔය හැමෝම කියන දෛවය වෙන්න පුලුවන්...

ඇයට තමන් ගැනම කේන්තියක් ආවා...
අසරණකම, දුක හැමදෙයක්ම වෙන්නැති මේ කේන්තියක් වුනෙ...
ඇයි මෙහෙම වෙන්නෙ!?
කෙල්ල ඇස් දෙක තදින් පියාගත්තා...

කොච්චර ජන්කුක්ව එහාට තල්ලු කරල ඒ ග්‍රහණයෙන් බේරෙන්න, ඔහුව නොපෙනන ඉසව්වකට දුවල යන්න ඕන වුනත්, මේ හැමදේකින්ම පැනලා කවුරුත් නොදන්න පැත්තකට යන්න ඕන වුනත් මේ වෙලාවෙ ඇගිල්ලක්ව්ත් හොලවන්න පුලුවන් මට්ටමක නෙවෙයි ඇය හිටියෙ...
ජන්කුක්ට විරුද්ධ වෙන්න, කාලෙකට පස්සෙ ලැබුනු තමන් කැමතිම පහස ප්‍රතික්ෂේප කරන්න තරම් තත්වෙක නෙවෙයි ඇය හිටියෙ...

ඔව්, ඇය බොලදයි තමයි...
මෝඩයි තමයි...
මෙච්චර දේවල් කරපු පිරිමියගෙ එක ස්පර්ශෙකින් හැමදේම අතෑරල දාලා නිවෙන්න තරම්...
ඒකට විරුද්ධ වෙන්න බැරි තරම්...
ගැහැණු ආදරේදි බොලදයි...
ඒ උන්ගෙ හැටි...
ඒකම වෙන්නැති පිරිමි ඒක වාසියකට ගන්නෙ...
හිතට දැනුන කෙනාගෙන් ලැබෙන එක ස්පර්ශෙකට පුලුවන් ගොඩක් දේවල් කරන්න...

පියන් ඉදි ඇස් දෙක තදින් ඇරුනෙ තාමත් ටේහ්‍යුන්ග් ඇමතුමෙ සිටින බව කෙල්ලට මතක් වුනු නිසා...
ජන්කුක්ගෙ එක ස්පර්ශයක් එක්ක හැමදේම අමතක වෙද්දි ඇමතුමෙ ඉදගෙන ටේහ්‍යුන්ග් මේ හැමදේම අහන් ඉන්න ඇති කියලා කෙල්ලට වැටහුනා...
ජන්කුක් ගාව ටේහ්‍යුන්ග් කියන්නේ නිකන්ම කෙනෙක් විතරයි කියලා කෙල්ලට තේරුනා...
ඒක කෙල්ලට තේරිලා ගොඩක් කල් වුනා..
ඒකෙන් වුනෙ කෙල්ල හිටි තත්වෙ තවදුරටත් නරක අතට හැරුනු එක විතරයි...

SELENE || JJK || Ongoing Where stories live. Discover now