_05_

107 24 0
                                    




ටේහ්‍යුන්ග්ගෙ ආයතනයේ රථගාලෙ නවත්තලා තිබුනු නවීනම මිල අධික කළු පැහැ මෝටර් රථය වෙත ඉක්මන් ගමනින් පැමිනි ජන්කුක් වාහනයෙ දොර මහ සද්දෙන් වසමින් පිටුපස ආසනයෙන් අසුන්ගත්තෙ රියදුරු අසුනට බර දී සුලු නින්දක හිටපු ඔහුගෙ රියදුරුවද ගස්සල නින්දෙන් ඇහැරවමින්...
මොහොතක් සිදු වූ දේ පිලිබඳව කල්පනා කල රියදුරු පිටුපස හැරී ජන්කුක් දිහා බැලුවෙ මෙ හදිසි වෙනසට හේතුව සොයමින්...
ජන්කුක් ලගින්ම ඇසුරු කරන ඕනම කෙනෙක්ට ඔහුගෙ මෙ ක්‍රියාවන් එක් කරන්නේ අමුතු දෙයක්...
ඉතින් ඔහු ලග වසර ගනනක් රියදුරු සේවයෙ නියලෙන කෙනෙකුට එය තේරුම් ගැනීම අපහසු නැහැ...

"ස-සර්..."

ඔහු කැඩෙන හඩකින් ජන්කුක්ට කතා කරන්න උත්සාහ කරත් ඒ වනවිටත් ජන්කුක් කෝට් එක ගලවා එම ආසනයේම පැත්තකින් දමා, ඇද සිටි කමිසයේද උඩ බොත්තම් කිහිපයක් ගලවා, ආසනයේ පසුපසට හිස තියාගෙන ඇස් දෙක පියාගෙන වේගයෙන් හුස්ම ගනිමින් උන්නා...
ජන්කුක් සාමාන්‍යයෙන් මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයි...
නමුත් ලගකදි සිට ඔහුගෙ හැසිරීම අමුතුයි...
ඒක ඔහු ලගින් ඇසුරු කරන අයට රහසක් නෙවෙයි...

ජන්කුක් ඉන්න ආකාරය සමග ඔහුට නැවතත් කතා කර අපහසුවක් ගෙනෙන්න්නවත්, ඔහුව කේන්ති ගස්සන්නවත් අකමැති වුනු රියදුරු කිසිවක් නොඅසාම වාහනය පන ගන්වා පාරට දැම්මේ නැවතත් ඔහුගෙ කාර්යාලයට යාමටයි...
මොකද තවමත් දවස ඉතුරු වී තිබීම වගේම ජන්කුක් රාත්‍රි වනතුරු වැඩ කරන බවත් ඔහු හොදින්ම දන්නා නිසා...
එමෙන්ම යා යුතු තැනක් ඔහු නොපැවසූ නිසා...
නමුත්,

" ඔෆිස් එකට නෙවෙයි ගෙදරට යං"

යනුවෙන් වාහනය කාර්යාලය දෙසට හැරවූ බව වැටහුණු ජන්කුක් විඩාබර හඩකින් ඇස් පියාගෙන ඉදි විදියෙන්ම කියද්දි ඉදිරිපස ඇති කණ්නාඩියෙන්ම ජන්කුක් දෙස බැලූ රියදුරා කතා කරන්න උත්සාහ කලා...

" ස-සර් , ඒත්..."

" කිව්ව දේ කරනවා මිනිහෝ...!!"

ජන්කුක් කෑගැහුවෙ එතනින් පසුව නැවතත් ඔහුගෙ නිවසට යන ගමන පුරාවටම වාහනය තුල නිහඩබව රජයද්දි...
කා සමගවත් කතා කිරීමට තරම්වත් මනසක් ඔහුට දැන් නැති නිසා...
ඒ නිහඬබව ජන්කුක්ට ගෙනාවෙ එක්තරා සැනසීමක් සහ පාලුවක්...
පාලු වී ගිය ඔහුගෙ ජීවිතයට රුකුලක්...
නමුත් සිදු වූ හැමදේම නිසා වෙහෙසෙන හිතට සැනසීමක්...
ඔහු ඇස් පියන්ම මොහොතකට පෙර ටේහ්‍යුන්ග්ගෙ කාර්‍යාලයේදි සිදු වූ දේ මෙනෙහි කරේ එය අමතක වී යන්නම යනුවෙන් ප්‍රාර්ථනා කරමින්...

SELENE || JJK || Ongoing Where stories live. Discover now