|01|

6.9K 509 83
                                    

දෙතොල් අතර තිබූ දුම් වැටියෙන් දුම් වලාවක් පිට කරමින් එයාපෝට් එකෙන් පිටතට පැමිනියේ තනි කලු පැහැ ඇදුමකින් , විශාල කලු පැහතිම කබායක් සහ කලු පැහ සන්ග්ලාස් එකකින් සැරසුනු පුද්ගලයෙක්. ඇගිලි දෙකකින් අල්ලගෙන සිටින දුම් වැටියේ අළු කඩා ඔහු ඉදිරියේ සිටි නිල ඇදුමක් ඇද සිටි පුද්ගලයාට අතින් සන් කර දොර විවෘත වූ විට වාහනයට නැගි විට රියදුරු ගමන් ආරම්භ කලේ පසුපසින් හා ඉදිරියෙන් තවත් වාහන පෝලිමක් ඉදිරියට ඇදෙද්දීය.

අවුරුදු 5කට පසුත් එතරම් වෙනසක් වී නොතිබූ පරිසරය දෙස සමච්චල් සහගත ලෙස බලමින් අසුනේ පිටුපසට හිස තබා ගත්තේ පෙර අපහසුවක් වුවත් දැන් දැනෙන හිස් හැගීම තමන්ගේ ජීවිතයේ කොටසක් වී ඇති බවට සිහි වීමත් සමගයි.

පෙර තිබුනාට වඩා පිටතින් කිසිවක් වෙනස් නොවූ විශාල මන්දිරය ඉදිරියේ වාහනය නැවැත්වූ විට එයින් පිටතට පැමින හොද හුස්මක් ගෙන ඔහු ඉදිරියට අඩිය තිබ්බෙ දෙපසින් හිසනමමින් සිටින කිසිවෙකුත් ගනන් නොගෙනයි..පෙර සැම විටම සොදුරු සිනහවකින් මුව සරසාගෙන සිටි ටේහ්‍යොන්ගේ වෙනස් වීම කාටත් වඩා ඔහු පුන්චි වයසේ සිට බලාගත් නිවසේ සේවකයින්ට වැටහුනේ ඔවුන්ගේ හුරතල් දරුවා දැන් නොමැති බව ඔවුන්ට මතක් කරමිනි.

"අහ්..ටේ .. ඔයා ආවද.. "

ගෙදර ඇතුලට අඩිය තියනකොටම ඇහුනෙ ටේහ්‍යොන්ග් ගෙ හ්‍යුන් කිම් නම්ජූන්ගෙ කටහඩ.

"හ්ම්..

ලෙස පිලිතුරු දුන් ටේහ්‍යොන්ග් නිවස තුලට යාමට් සැ‍රසුනත් නම්ජූන්ගෙ දැඩි කටහඩ එක්ක ආයෙත් නැවතුනේ නැවත හැරෙන්නැතුවමයි.

" තමුන් එනකම් මන් බලන් හිටියේ.. එහෙ බිස්නස් බලාගන්නම් කියලා යැව්වට තමුන් තවත් නාස්ති වෙනවා බලන් ඉන්න බෑ මට.. හෙට ඉදන් මෙහෙ කම්පැනි එක බාරගන්න ලෑස්ති වෙනවා.. "

" මේක මගෙ ජීවිතේ.. තමුන්ට අයිතියක් නෑ මගෙ හ්‍යුන් උන පලියට මට බලපෑම් කරන්න.. මන් ආවනෙ එන්න කීවම.. දැන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා.. "

" උබට මම පාඩුවේ ඉන්න දුන්න මෙච්චර කල්.. අවුරුද්දක් ද දෙකක්ද පහක් උබට මම දුන්න.. ඉන්න දෙන්න තිබ්බ පාඩුවෙ හිටියනම් .. ක්ලබ් ගානෙ නට නට බීලා මැරෙන්න ඇරලා බලන් ඉන්නද උබ මට කියන්නෙ.. එහෙ කී දෙනෙක් උබ මැරුවා කියලා මම දන් නෑ කියලද උබ හිතන්නෙ. උබට මරන්න ඕනනම් මෙහෙ ඉන්න තිබ්බ. හිත හදාගනන් කියලා ගිහින් උබ හිත හදාගන්න විදියද.. මගෙ යකා අවුස්සන් නැතුව හෙට ඉදන් කම්පැනි එක බාරගන්න ලෑස්තිවෙයන් .. ආයෙ එකම දේ මම දෙපාරක් කියන් නෑ කියලා උබ දන්නවා හරී.."

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now