|17|

2K 417 42
                                    

"සෙනූ යන නර්සරි එකට.... අහ් ..ම්ම් ජියෝන් එන්න එපැයි බබාව ගන්න... " තනියෙන් තමන් එක්කම කියවපු ටේහ්‍යොන්ග් කට කොනකින් හිනා වෙන ගමන් වැඩ ඔක්කොම පැත්තකට දාලා පුටුවෙන් නැගිට්ටෙ සෙනූව එක්කන් එන්න යන්න කියලා.. ඒත් තව වෙලාව දොලහ වෙලාවත් නෑ .. වෙලාව දැක්ක ගමන් මූනත් දෙක කරන් ආයෙත් ටේහ්‍යොන්ග් පුටුවෙන් වාඩි උනා...

දැන් ටික්කට කලින් ජින් කෝල් කරල එයාට හදිසියේ යන්න වෙන් නෑ කියලා ටේට ගිහින් සෙනූව ගන්න කියලා කීවා.. මොකද සෙනූ ඒ තුන් දෙනාගෙන් කෙනෙක් නැතුව යන්න එන්නෙ නැති හින්දා.. නම්ජූන් නම් කවදාවත් යන් නෑ කොහොමත් .. මොකද එයට එහෙම එලියේ යන්න බෑ.. ටේහ්‍යොන්ග්ටත් මොකක්ද එකක් හම්බුනා වගේ හා කියලා යන්න ලැස්ති උනාට තවම වෙලා තිබ්බ යන්න... ජින්ටත් පුදුමයි වෙන වෙලාවකනම් වැඩ ගොඩයි යන්න බෑ කියනවනේ...

.

.

ටේහ්‍යොන්ග් හිටියේ සෙනූගෙ නර්සරි එක ඉස්සරහ , ලමයි එනකොට එලියට ආව ටේහ්‍යොන්ග් බලාගෙන හිටියේ ගුකීත් එක්ක මොනවා හරි බරටම කියව කියව එන සෙනූ දිහා...

"අද.. බෙයාද ආවේ.. නියමයි.. අපි අයිස්ක්‍රීම් කාලා යමු.. හා නේද..."

ලගට ඇවිත් ටේහ්‍යොන්ගේ අත හොලව හොලව සෙනූ කියනකොට එයාටත් ඔලුව වනලා ටේහ්‍යොන්ග් බලන් හිටියේ කට පුරා හිනාවෙලා එයා දිහා බලන් ඉන්න ගුකී දිහා.. ගුකී දැක්කම් හරී අමුතු තාලෙකට හිත ගැහෙනවා ටේහ්‍යොන්ග්ට දැනිලා තියනවා.. ඒත් අද ටේහ්‍යොන්ග් බැලුවේ ගුකීගේ අප්පා කෝ කියලා...

තවම ජන්කුක් පේන්න නැති හින්දා ටේහ්‍යොන්ග් පොඩ්ඩො දෙන්නගේ විකාර අහ අහ ටිකක් හිටිය... ගුකී තනියම හින්දා.. ඒත් ටික්කින් හෝසොක් වාහනේ නවත්තලා දුවගෙන ආවෙ ගුකී ගාවට...

" හොබී සමොච්චා.. "

හොබී දැක්කගමන් තනකොල උඩින් නැගිටලා ගුකී කියනකොට, හොබී පොඩ්ඩගෙ ඔලුව අතගාලා බෑග් එක අතට ගත්තේ සෙනූගෙත් කම්මුල මිරිකන ගමන් ...

" අපි යමූ ඉක්මනට ..."

එතන හිටගෙන හිටපු ටේහ්‍යොන්ග් අදෘශ්‍යමාන කෙනෙක් වගේ නොසලකා හැරලා හෝසොක් ලෑස්ති උනේ යන්න..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now