|15|

2K 419 54
                                    

" සර්.. එතකොට මම මේ පාටි එකට එන්නම ඕනද...?"

ටේහ්‍යොන්ගේ කැබින් එක ඇතුලේ , සෝෆා එකේ වාඩි වෙලා ඉන්න ටේහ්‍යොන්ග් ඉස්සරහ ජන්කුක් හිටගෙන හිටියා..

කිම් කම්පනි එකත් එක්ක පාර්ට්නර්ශිප් එක තියන ඔක්කොම කම්පැනීස් එක්ක ඇනුවල් තියන බිස්නස් පාටි එකට ජන්කුක්ට ටේහ්‍යොන්ග් එන්න කීව ... මීට කලිනුත් කම්පැනි එකේ සමහර එම්ප්ලෝයිලා ගියත් ජන්කුක් කවදාවත් යන් නෑ... ජන්කුක් එච්චර ඉහල නිලයක් තිබ්බ කෙනෙක් නෙවේනෙ..

" ඇයි .. දැන් එන්න බෑ කියලද කියන්නෙ .. මෙතන දැන් තීරණ ගන්නෙ මමද .. තමුන්ද.."

ඇහි බැමක් උස්සලා ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් යටි තොල හපාගත්තා..

" ඒත් .. සර් මම කලින් ඒ පාටි එකට ගිහින් නෑ සර්..."

" දැන් මම කලින් ගිහින් තියනවද කියලා ඇහුවද...?"

" න්.. නෑ.. සර් ඒත් මම යන එක.."

" ඇයි ජියෝන් මගෙ සෙකට්‍රි ..ඉතින් තමුන් එන්න ඕනෙ .. ආයෙ මන් කතා කරන් නෑ හෙට හවසට ලෑස්ති වෙලා ඉන්න..."

කියලා ටේහ්‍යොන්ග් ඇවිත් තමන්ගෙ පුටුවෙන් වාඩි උනේ තමන්ටම බැන ගන්න ගමන් .. ඇයි මනුස්සයෙක් ඉස්සරහ මෙච්චර කියවන්න උනාමයි .. ඒකත් පාටියකට අරන් යන්න..

ඒ අතරේ ජන්කුක් ටේහ්‍යොන්ග්ට ආචාර කරලා එලියට ආවෙ මේ මල සමයන් වලට එයාටත් යන්න උනානෙ කියලා හිතන ගමන් ..

.

.

.

හවසම ගුකීව කිම් මැන්ශන් එකට ගෙනිහින් දුන්න ජන්කුක් දැන් හිටියේ ගෙදර ලෑස්ති වෙන ගමන් .. හෝසොක් ගාව නවත්තන්න හැදුවත් අද රෑ නයිට් ඩියුටි එකක් වැටිලා හින්දා ජන්කුක්ට ගුකීව ජින් හ්‍යුන්ග් ලග නවත්තන්න උනා.. ජින් දැන් ජන්කුක්ගෙ සහෝදරයා වගේ .. දවස් දෙකකට සැරයක්වත් කතා කරලා ජන්කුක්ලා ගැන හොයලා බලන්න ජින් අමතක කරේ නෑ.. ජින් එහෙම කරන්න හේතුවක් නොදන්නවා උනත් , ජන්කුක් ඒකට කැමති උනා.. ආදරේ විදින්න ජන්කුක් ගොඩක් කැමති උනා... ජින්ට ජන්කුක්වයි ගුකීවයි දෙන්නවම පෙනුනේ තාමත් පොඩි උන් දෙන්නෙක් විදියට තමයි ... ටිකක් පරිණත විදියට ඉන්න උත්සහ කරාට කොහෙන් හරි හුරතල් ගතියත් තාමත් එලියට පැන්න...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now