|18|

2.1K 430 60
                                    


" මගෙ මැණික පපාට ආදරෙයිද...?

ජන්කුක් ඇහුවේ තමන්ගේ ඔඩොක්කට වෙලා ඉස්සරහින් යන කාටුන් එක දිහා කටත් ඇරන් ඉන්න ගුකීගෙන්...

" පපාට ..තමා මං ආදලේම..."

ඒක ඇහුන ගමන් ටක් ගාලා පිටිපස්සට හැරිලා ජන්කුක්ගේ කම්මුල ඉබලා ආයෙත් කාටුන් එකට අවධානය දෙන ගමන් ගුකී කීවා...

ටේහ්‍යොන්ගෙන් හෙටට හම්බුන නිවාඩුවත් එක්ක අද රෑ දෙන්නත් එක්ක මූවී නයිට් එකක් පටන් ගත්තා... ඒත් අන්තිමට උනේ ගුකීට ඕන කාටුන් එක ජන්කුක්ටත් බලන්නයි... ඒක දිහා බලන ගමන් ගුකීගෙ ඔලුව අතගාමින් තමයි ජන්කුක් ගුකීත් එක්ක කතා කරේ..

ටේහ්‍යොන්ග් ජන්කුක්ව ගෙදරින් දාලා ගෙදර ගියා... අද ටේහ්‍යොන්ග් ගාව ඇඩුව එකට ජන්කුක්ට ලැජ්ජා හිතුනත් ඒ උණුහුම ගාවින් ආපු හැගීමට ජන්කුක් ගොඩක් ආස කරා... තමන්ගේ හිතට පොඩි නිදහසක් හම්බුනා... මොනවා උනත් වෙන්න තියන හැමදේටම මූණදෙන්න ජන්කුක් තීරණේ කරා... ගුකීවත් ලේසියෙන් තමන්ගෙන් ඈත් කරන්න තමන් ඉඩ දෙන් නෑ කියලා ජන්කුක් හිතුවා...

එතකොට ජන්කුක්ගෙ ප්‍රශ්න ඉවරද...?
නෑ දැන් තමයි හැමදේම පටන් ගන්න යන්නෙ...

__________________

ජන්කුක් උදේ නින්දෙන්ම පෝන් එක හෙව්වේ කෝල් එකක් එනවා ඇහුනා හින්දා...

-" කවුද..."

නින්දෙන්ම කෙදිරි ග ගා ජන්කුක් කතා කරනකොට ජින්ට හිනා ගියා...

="යාහ්... ජන්කුක් තාම නිදිද... නැගිටින්න නැගිටින්න... දැන් වෙලාව කීයද..."

ජින් පෝන් එකෙන්ම කෑ ගහනකොට ජන්කුක්ට හිනා ගියා...

-" ආයිශ් .. හ්‍යුන්ග් නිවාඩු දවස මේ ... ඇයි උදේම කතා කරේ..."

=" උදේ... හොද උදේ... ඒක නෙවෙයි අද හෙට මොනා හරි විශේෂ ප්ලෑන්ස් තියනවද..."

-" අද හෙට... ඇයි හ්‍යුන්ග් එහෙම ඇහුවේ... නිවාඩු හින්දා ගුකී එක්ක කොහේ හරි යන්න ඕන... ගොඩ කාලෙකින් හින්දා..."

=" ඒකට තමා මාත් කතා කරේ... අපිත් එලියට යනවා ඔයාලත් එනවද.. සෙනූත් කෑ ගහනවා ගුකී බබා අරන් යන් කියලා..."

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now