|06|

2.2K 411 37
                                    

Continue Flashback ....

නිශා ගැන හොයලා බැලුවත් කිසිම ෆැමිලි බ්‍රැක්ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න බැරි උනත් නිශා කීවෙ එයා පොඩි කාලෙ ඉදන් හැදුනෙ නැන්දලා ගාව කියලත් එයාලා ලගදි නැති උන නිසා එදා ඉදන් තනියම ඉන්නවා කියල..

නිශා ගොඩක් ලස්සන අහින්සක හැබැයි තියුනු පෙනුමක් තිබ්බා... නිශා ඇවිත් මාසයක් දෙකක් යනකොට ටේහ්‍යොන්ග්ගෙ සම්පූර්ණ වෙනසක් ඇති වෙලා තිබ්බ. නිශාගෙන් මාෆියා වැඩ ගැන කිසිම අකමැත්තක් තිබ්බෙ නෑ වගේම ගොඩක් විශ්වාසවන්ත උනා. ටේහ්‍යොන්ග් ගොඩක් නිශාට ආදරේ කරන බව පෙනුනා.. ඒක ඕනම කෙනෙක්ට පෙනුනා හැමවෙලේම නිශා ගාව හුරතල් වෙවී පොඩි එකෙක් වගේ දගලන ටේහ්‍යොන්ග් ව මාෆියා කරනවද කියලත් සැකයක් ඇති කරා...

දිගටම කාලෙ යනකොට පුදුමෙකට වගේ නම්ජූන් කරන හැම වැඩක්ම සාර්ථක උනත් ජියෝන් ෆැමිලි එක ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා. ජියෝන් ෆැමිලි එකේ වැඩ හැමතැනම උනා.. නීතිවිරෝධී වැඩ ගනන් කරන්න බැරි තරම් උනා.. ඒත් කිසිම දේක සාක්ශි යක් නෑ.. ඒ තරම් සූක්ශමව වැඩ කරලා තිබ්බා..

ඒ වගේම කිම් ෆැමිලි එකේ වැඩ ගොඩක් හිතාගන්න බැරි විදියට අවුල් උනා.. තමන්ගෙ වැඩ මෙහෙම අවුල් වෙනවට නම්ජුන්ගෙන් කාටවත් සමාවක් තිබ්බෙ නෑ, ඒත් කාවවත් එහෙම හොයාගන්න බැරි උනා ..

ටේහ්‍යොන්ග්ට නිශා නැතිව බැරි උනා.. මේ දෙන්න ආදරෙන් හිටියා ගොඩක් .. ටේහ්‍යොනුත් වෙනස් වෙලා නිසා නිශා තමයි ටේහ්‍යොන්ග් ට ගැලෙපෙන්නෙ කියලා නම්ජින් දෙන්න තීරනේ කරා. කෝමත් හැමෝගෙම පොඩි එකා උන ටේහ්‍යොන්ග් සතුටින් ඉන්නවා බලන්න හැමෝටම ඕන උනා..

ඒ අතරේ නම්ජුන් ටිකක් අමුතු විදියට හැසිරෙන්න අරන් තිබ්බා. තමන්ගෙ වැඩ එක දිගට අවුල් යන එක ගැන කොහෙත්ම හොද මනසකින් නෙවෙයි නම්ජූන් හිටියෙ ..

අමුතු දේවල් ගොඩක් හොයාගත්තත් කාටවත් ඒ දේවල් නොකියා තමන්ගෙ හොදම යාලුවා වගේම දකුනු අත උන සුගයි එයයි අතරට ඒ දේවල් සීමා කරගත්තා....

අවුරුද්ද ක කාලයක් ටේහ්‍යොන්ග් නිශා එක්ක කිම් මන්දිරේ එකට ජීවත් උනා..දෙන්න හිටපු විදිහත් එක්ක මැරේජ් එකත් ලගදිම ගන්න තමයි කට්ටියම හිතාගෙන හිටියෙ..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now