Chapter 01

169 16 13
                                    

First LOVE 🤍🥀
Chapter 01

Wedding Hall එකෙන් එලියට ආපු මම මල් වලින් සරසලා තිබුනු සුදු පාට car එක දිහා බැලුවා... ඇත්තටම එයා අද ගොඩක් ලස්සනයි...
Bye කියලා අතින් සන් කරපු මම හීනීයට හිනාවෙන ගමන් අයිනකට උනේ Wedding Car එකට යන්න ඉඩදීලා...
පාරට දාපු වාහනේ නොපෙනී යනකම්ම බලන් හිටපු මම ආපහු ගෙදර එන්න පිටත් උනා...

පැයක් දෙකක් ගෙවෙන්න ඇති...
ඇදේ ඇලවෙලා හිටපු මගේ මනස සෑහෙන්න අවුල් වෙලා කියලා මට දැනුනා...
සිවිලිම දිහා බලන් ඉදපු මගේ මතකේ මීට අවුරුදු 2ක් එහාට ඇදිලා ගියේ මටත් නොදැනිමයි....

අවුරුදු 2කට පෙර......

මම Song Jiyang Shanghai High School එකේ Foot Ball Team Captain...
අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් balance කරගෙන මම මගේ එදිනෙදා වැඩකටයුතුත් කරන ගමන් සාමාන්‍ය ජීවිතයක් ගෙව්වා...
ඉතින් අද සෑහෙන්න රස්නේ දවසක් මටත් හොදටම දාඩිය දාලා මොකද පැය තුනක් තිස්සේ මම එක දිගට Football play කරලා ඉන්නේ... අපිට ලබන සතියේ වැදගත් match එකක් තියෙන නිසා මම කොල්ලෝ ටික හොදට practice කරවන්න ඕන...
දැන්නම් මහංසියි ටිකක් rest කරමු කියලා හිතාගෙන Ground එකේ තිබුනු පුටුවක මම ඉදගත්තා...
එතකොටම....

"Jiyang Jiyang..."

"මොකෝ..."
හති දාගෙන මං ලගට දුවන් ආපු Binගෙන් මම ඇහුවා...

"Chen වැටුනා..."

"වැටුනා...?"

"ඔ...ඔව්... උගෙ කකුලෙන් ලේ යනව... යමන් ඉක්මනට..."

Rest එක බ/ල්ලට දාලා මම Bin පස්සෙන් දුවන්න පටන් ගත්තා...
Chenගේ කකුලෙන් හොදටම ලේ ගලනවා වගේම මිනිහා සෑහෙන්න අඩනවා... ඒ නිසා මම Practice එක හෙටට කල් දාලා chenවත් උස්සගෙන yubin එක්ක Hospital එකට ගියා...

Chenගේ කකුල කැඩිලා තිබ්බා වගේම Chenට ලේ දෙන්නත් සිද්ද වුනා... මාසයක්වත් යනකම් bed rest කරන්න කියලා Doctor මිනිහට අවවාද කරා...
මල කෙලියයි සති දෙකකින් Match එක මේ යකාගේ කකුල හොලවන්නවත් බෑ... ඇයි දෙයියනේ මටම වෙන්නේ...?
පුලුවන් ඉක්මනට අපි team එකට කෙනෙක්ව ගන්න ඕන... මම ආපහු school එකට ගිහින් අපේ football Team එක භාරව ඉන්න සර් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ ගැන කිව්වා... පොර හෙට උදේම කෙනෙක්ව හොයලා දෙන්නම් කියන පොරොන්දුවත් එක්ක මාව ගෙදර යැව්වා... School එකේ notes ගොඩ ගැහිලා... මම වැඩ කරත් නැතත් උන්නත් මලත් හොයන්න එකෙක් නැති වුනත් මටම කියලා හීන රොත්තක් තිබුනා... ඒ නිසා මම ඒවා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා... මහංසිය පැත්තක දාපු මම පොත පෙරලගත්තේ අද එලිවෙනකම් හරි ලියලා මේ ටික ඉවර කරනවා කියන බලාපොරොත්තුව ඇතුව...
පාන්දර හතරයි යන්තම් වැඩ ටිකනම් ඉවරයි හය වෙද්දී ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන්න ඕන... මම යන්තම් ඇස් පියාගන්න හිතාගෙන හයට Alarm එක තියන ගමන් ඇදට ගොඩවුනා...

First LOVE (YangXuan) (COMPLETED)Where stories live. Discover now