Chapter 04

30 10 0
                                    

First LOVE 🤍🥀
Chapter 04

"Jiyang...."

"ඔයා මොකද මෙහෙ කරන්නේ..?"
ඉරිදා උදේම Sports club එක ඇතුලට යද්දිම මං ලගට දුවන් ආපු Haoxuan දිහා පුදුමෙන් බලන ගමන් මම ඇහුවා...

"ගෙදර ඉන්න කම්මැලීනේ කරන්න දේකුත් නෑ ඉතින් මං ආවා..."

"එහෙමද..? හ්ම්ම්"

"Jili ඒයි Jili නැවතියන් Jili"
ගේට් එක ලග හිටන් Haoxuan එක්ක කතා කර කර හිටපු මං ලගින් Jili sports club එක ඇතුලට ගියේ මාව නොදැක්කා වගේ...

"Jiyang..."

"ටිකක් ඉන්න Haoxuan මම එන්නම්..."
මම Jiliගේ පස්සෙන් ගියා...

"Jili ඕයි හු#තෝ..."
නෑ ඇහෙන්නෑ වගේම ගිහින් මූ දිගංචියෙක් වගේ දිග එකෙක් ළග නැවතුනා... ඉටපස්සේ ඌ මුගේ කරට අත දාගෙන Club එක ඇතුලට ගියා... මොකාද ඒ පාර මේ ගේමට එන්ටර් උන සෙවල පත්තෑයා... මම එහෙම හිතන ගමන් ඇතුලට ගියා...

"වංගෙඩියයි මෝල් ගහයි වගේ යන ලස්සන..."
Jili ඒකාට වඩා අඩියක් විතර කොටයි ඉතින් උන් දෙන්නව ඈතට පෙනුනේ එහෙම...

"මොකාද මේ..."
Jiliගේ අතින් අදින ගමන් මම ඇහුවා...

"ආ Jiyang දැන්ද ආවේ...?"

ඤෑ ඤියන් ඤැන්ද ඤාවේ තමා මම මෙච්චර වෙලා කෑගගහ පස්සෙන් ආවා මූට ඇහුනේ නැද්ද..?

"මේද මේ Bowen, Club එකට අලුතෙන් ආවේ..."
මම ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන Jili දිහා බලද්දි ඌ ඕනවට එපාවට කියල දැම්මා...

"ආ Bowen Nice To Meet You.."
මම අත දික් කරන ගමන් එහෙම කිව්වේ දෙන්නම් උබට සබ්බුව කියලා හිත යටින් හිතන ගමන්...

"Song Jiyang Right? Nice To Meet You Too.."

"කෝ Zanjin..."

"ඌ අද එන්නෑ.."

"ඇයි..."

"කොහෙද මිනියෝ ගියේ... මම ගේට් එක ලගට වෙලා බලන් ඉන්නවා නේද..?"

කොහෙදෝ ඉදලා ආපු Haoxuan ආපහු මගේ අතේ එල්ලුනා...
අම්මාපා මේකත් එන්නේ ඕන්නැති වෙලාවටමයිනේ...

Bowenගේ අතෙන් ඇදගත්තු Jili ඌවත් එක්කන් යන්න ගියා... මම Bag එක පැත්තකින් තියල සෙල්ලම් කරන්න ලෑස්තිවුනා...

Club එකෙන් එලියට එන්න පැය කීපයකට කලින් Haoxuan මටත් යනව කියලා ගෙදර ගියා...
වෙලාවත් තිබුනු නිසා සැනසුම් සුසුමක් හෙලන ගමන් මම ආපහු ගියේ Jili හොයාන 30පහල යන සෙල්ලම් කරන තැනට මොකද ඕකා මං එක්ක ඔරොප්පු උනාම යන්නේ ඔතනට ගිහින් Ziteng එක්ක practice වෙනවා...

First LOVE (YangXuan) (COMPLETED)Where stories live. Discover now