Chapter 05

40 10 0
                                    

First LOVE 🤍🥀
Chapter 05

"හ්ම් ගේ දොර ළග ඉන්නේ මහංසී යකෝ..."

"මහංසි නැතුව තියේ ඈ අද දවසම practiceනේ අපි ගෙදර එන වෙලේවත් තෝ ආවේ නෑනේ..."

"හ්ම් හිතට ටිකක් අවුල් බන් ඒකයි වැඩිපුර සෙල්ලම් කරේ..."

"Jiyang"
ගේ ඇතුලට යන්න හදද්දිම මට අඩි දහයක් විතර එහායින් ඉදන් Haoxuan මට කතා කරා...
ඒක Zanjinට ඇහෙන්න නැතුව ඇති කියලා අපි හිතමු....

"Zanjin මම උබට රෑට ගන්නද..?"

"හ්ම් ගිහින් වොශ් එකක් දාන් ටිකක් රිලැක්ස් එකේ ඉදහන් මම රෑට ගන්නම්..."

"හරි බන්.."

"What The Fu*k do you want?"
Call එක Cut කරපු මම එයා දිහා බලලා ඇහුවා...

"මට ඔයා එක්ක කතා කරන්න ඕන..."

"මොනව ගැනද?"

මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදුන්නු එයා මාවත් තල්ලු කරන් ගේ ඇතුලට ගියා...

"Haoxuan ඔයාට මොනවද මගෙන් ඕන..? ඇයි මෙහෙම හැසිරෙන්නේ...?"

"ආදරේ..."

"ආදරේ කියන්නේ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි..."

"මට ඒවගෙන් වැඩක් නෑ... මට ඔයා ඕන..."

"මම ඔයාට බෑ කිව්වනේ... ඒ තමයි මගේ උත්තරේ..."

සංසුන්ව හිටපු එයා එකපාරට මගේ ඇගට පනින ගමන් මාව බිත්තියට හේත්තු කරලා මගේ බෙල්ල අත් දෙකෙන්ම තද කරන්න පටන් ගත්තා...

"එහෙමද..? ඇයි මට ආදරේ කරන්න බැරි...? ඇයි? මගේ මොනවද අඩු..?"

හුස්ම හිරවෙලා හිටපු මම එයාව හයියෙන් තල්ලු කරා... එයා ගිහින් සෝෆා එක උඩට වැටෙද්දී මම බෙල්ල අල්ලන් හුස්ම ගන්න උත්සහ කරා...

"You Can't Fu*king blackmail me"

"ඔයා මට වෙන විකල්පයක් ඉතුරු කරේ නෑනේ...?"

"පුලුවන්නම් මාව මරපම්... මම ඕකට කැමති වෙන්නෑ..."
මම කට කොනින් හිනාවෙන ගමන් කිව්වා...

"මැරෙන්නේ කොයිවෙලේද බලන් ඉන්න ඔයාව මම මැරුවයි කියලා වැඩක් වෙන්නේ නෑ... එහෙම නේද..?"

එයා මගේ ඇස් දිහා කෙලින් බලන් ඉන්න ගමන් කිව්වා...
මං ඒ ඇස් මගහැරියා...

First LOVE (YangXuan) (COMPLETED)Where stories live. Discover now