Chapter 07

30 7 0
                                    

First LOVE 🤍🥀
Chapter 07

"අද මැච් එක හොදට ගහන්න ඕන තේරුනාද...?"

මගේ Sports bag එක කරෙන් එල්ලන ගමන් Haoxuan කිව්වා...

"ඕකේ බොස්..."

"යමු යමු..."

ඇගිලිතුඩු වලින් ඉස්සිලා මගේ ඔලුවට පුංචි හාදුවක් දුන්නු එයා මගේ අතින් ඇදගෙන ගෙදරින් එලියට ආවා....

අද Sports Club එකේ වාර්ශික ක්‍රීඩා උත්සවය...
මේක තියෙන්නේ අවුරුද්දේ අන්තිම නිසා මේ උත්සවයෙන් පස්සේ ගොඩක් අය Club එකට අලුතෙන් එකතුවෙනවා වගේම ගොඩක් අය මේකෙන් අයින් වෙනවා....

Club එක ඇතුලට ගිය ගමන්ම JiLi ගේ අතේ එල්ලුනු මම ඒකා එක්කම Football court එක ඇතුලට ගියා...

"මේකනම් හොද ටීම් එකක් වගේ Jiyang... අපිට කන්න වෙයිද..?"

"උබට පිස්සුද..? අපි අනිත් උන්ට කවන ටීම් එකක් මිසක අනිත් උන්ගෙන් කන ටීම් එකක් නෙමේ..."

Jiliට එහෙම කියන ගමන් මම ඇස් කරකව කරකව Haoxuanව හොයන්න පටන් ගත්තා... අර ඉන්නේ බටු ඇටයා... මට හිනාවක් ගියේ මටත් නොදැනිමයි...

"Jiyang... Jiyang... හු#තෝ..."

"මොකද බන් බෙරිහන් දෙන්නේ...?"

"සිහියෙන් හිටපං... උබ ගෙදර ගිහින් ඕකාව ගිල්ලත් මට කමක් නෑ මැච් එක වෙලේ ඒකේ සිහියෙන් ඉදහන්..."

"හරි හරි සොරි.."

"හොරි චමා.."

මැච් එක පටන් ගත්තා... හැමෝම හරි හරියට බෝලේට පොරකනවා... එහා පිලට ගෝල් එකක් යන්න ඔන්න මෙන්න... බෝලේ අල්ලගන්න ඕන...

"Come On Jiyang Come On..."

මම නිකමට ඒ පැත්ත හැරුනා...

"ආව්...."
බෝලේ මගේ ඔලුවේ වැදිලා ගෝල් එක ඇතුලටම ගියා...

"මොන ලබ්බක්ද Jiyang කරන්නේ..."

JiLi මේ අහිංසක මගේ ඇගට කඩාන පැන්නා...

"Oops Sorry"

"උබව මම මැච් එක ඉවර වෙලා අල්ලගන්නම්..."

දෙයියෝ බුදුන් සිහිකරගනිම් Jiyang මම එහෙම හිතන ගමන් ආපහු සෙල්ලමට අවධානේ දුන්නා...

වෙනදා වගේම අපි මැච් එක දින්නා... ඒත් එහා පිලට තිබුනු එකම ගෝල් එක හම්බුනේ මං නිසා කියලා මතක් වෙද්දි මටත් අම්බානක අවුල් ගියා...

First LOVE (YangXuan) (COMPLETED)Where stories live. Discover now