Chapter 11

39 9 4
                                    

First LOVE 🤍🥀
Chapter 11

"Jiyang...හ්ම්ම්..."

"කියන්න මොකක්ද කියන්න තියෙන්නේ...?"

"මම හිතන්නේ ඔයාට තනියම ඉන්න කාලේ හරි..."

"හේතුව..."

"I Have a girlfriend..."

"හ්ම්ම්..."

"Jiyang මම ඇත්තටමයි කියන්නේ..."

"මම කිව්වද ඔයා කියන්නේ බොරු කියලා...?"

"නෑ..."

"ඒකනෙ..."

"Jiyang මම යනවා..."

"පරිස්සමින්..."
____________________________________________________

හ්ම් එයා යන්න ගියා... කාලයක් ගෙවිලා ගිහින්.... තවමත් මම ඔයා දාලා ගිය තැනමයි... මගේ හදවත රිදුම් දෙන්න ගත්තා... මට ඔයාව ඕනම වෙලාව මේ Haoxuan...
සමහර විට මම මේ විදිහට එක්තැන් උනේ නැත්තන් ඔයා අදටත් මං ලග ඉන්න තිබ්බා...
අපේ මතකයන් වලින් පිරුනු මේ ගේ පුරාම මම Wheelchair එකෙන් යන්න ගත්තා... මතක ඇස් ඉස්සරහ මැවි මැවි පෙනෙද්දි කදුලු කැට කම්මුල් තෙමාන පහලට ගලාන ගියා... මම Balcony එක ලගට ගියා... හොදටම රෑ වෙලා... මගේ කටින් පිටවුනු දුම් වලාවක් හුලගට මුහු වෙන්න මහ වෙලාවක් ගියේ නෑ...

"Jiyang උබ මේ මොකද කරන්නේ මිනිහෝ...?"

මගේ ඇගිලි දෙකක රැදිලා තිබුනු භාගෙට දැවිලා ගියපු Cigarette කොටය අතට ගත්තු Zanjin ඒක Balcony එකෙන් පහලට විසි කරලා දැම්මා....
මම Zanjin දිහා නොබලාම අහස දිහා බලන් හිටියා...

"Jiyang...විනාස වෙන්න එපා රත්තරන්..."

මගේ කම්මුල් දෙකට අත් දෙක තියාන ගලාගෙන ගියපු කදුලු පිහිදාන ගමන් zanjin කිව්වා...
උන් එක්ක අවුරුද්දකට කලින් ඉදපු Jiyang එතන නැති වෙද්දී ආදරෙන් හෙම්බත් වුනු ජීවිතේ එපා වුනු Jiyang කෙනෙක් එතන හිටියා...

"කවදාවත් අපි උබේ කදුලු දැකලා නෑ Jiyang... අපිට කරපු හැමදේමට සමාව දුන්නත් උබට මේ කරපු දේට ඌට කවදාවත් අපි සමාව දෙන්නෑ..."

"එයාගේ අතේ වරදක් නෑ Zanjin මගෙන් ඇති වැඩේ මොකක්ද...? ඇවිදගන්නවත් බැරි එයාට ඕන දේවල් අරන් දෙන්නවත් බැරි කෙනෙක් ළග එයාගේ කාලේ විනාස කරගත්තා කියලා එයාට ලැබෙන දෙයක් නෑ Zanjin..."

First LOVE (YangXuan) (COMPLETED)Where stories live. Discover now