chapter 3

189 52 1
                                    

මාස හයක් තිස්සේ මන් කොච්චර ඇඩුවත් ඉස්සරහ ගෙදර යූන්ගියාගේ බැනුම් හැරෙන්න කවුරුත් මන් ගැන හෙව්වේ නෑ..

අඩුම මගේ මල්ලිවත් !!

මොකද ඉතින් එයාට ඇහෙන්නේ නෑනේ...එයා දන්නේ නෑ හැමවෙලේම හිනා වෙලා ඉන්න එයාගේ අයියා උඩට ඇවිල්ලා බීලා අඩනවා කියලා..

මගේ පුංචි මල්ලිගේ කන් අවුරුද්දු තුනකට කලින් උන ගොඩනැගිල්ලක පිපිරීම නිසා ඇහෙන්නේ නැතුව ගියා..ඒක නිකම්ම ගොඩනැගිල්ලකුත් නෙමෙයි...ඒක මගේ ඔම්මාගේ අප්පාගේ හීනේ...ඔව් ඒ අපේ කැෆේ එක...අපි හතර දෙනා ඒ දවස වෙනකම් සතුටින් හිටියා...ඒත් ඒ දවස හැමදේම වෙනස් කරා..කැෆේ එකේ ගැස් ටැංකිය පුපුරලා ගිනි ගන්නකොට ඒ ගින්නටම කැෆේ එකත් එක්ක මගේ ඔම්මායි අප්පායිත් බිලි උනා...ඉස්කෝලේ ගිහින් ගෙදර ආපු මන් දැක්කේ ගිනිගෙන දැවෙන කැෆේ එකයි ඒක ඉස්සරහම සිහිය නැතුව වැටිලා හිටපු මගේ පුංචි මල්ලියි විතරයි..

අන්තිමට ඉතුරු උනෙ පිච්චිලා ගිය කැෆේ එකයි අගුරු උන මගේ ඔම්මාගෙයි අප්පාගෙයි බොඩි දෙකයි, සදහටම බිහිරි උන මගේ අහින්සක මල්ලියි විතරයි..

මන් හිතනවා ඉස්සරහට තාක්ෂණය දියුණු උනොත් මගේ මල්ලිගේ කන් බෙරේ ඇති උන සිදුරු හදන්න පුලුවන් වෙයි කියලා..

" ඔහ් වහිනවා !! එච්චරයි අඩුවට තිබ්බේ..."

මන් මගේ ඇගට වතුර බින්දු වැටෙනකොට එහෙම්ම බැලුවේ අහස දිහා...අද අහස හරි අමුතුයි...මට ඇයි මේ වලාකුළු දම්පාටට පේන්නේ...අද නම් මන් බීලා වැඩියි වගේ...

🌩️🌩️🌩️

ඔහ් අකුණු ගහනවා...

වෙලාවට අකුණු සද්දේ කුකීට ඇහෙන්නෙ නැත්තේ..එයාට ඇහුනා නම් චූටි කාලේ වගේම

" හ්‍යුන්ගී කුකිට බයායි..."

ගාගෙන දුවගෙන ඇවිල්ලා මගේ ඇග අස්සේ හැංගෙයි..ඊට පස්සේ මාව ඉබලා..

" හ්‍යුන්ගී තමුසේ අද බිව්වා නේද ?? ඉන්නවා මන් ඔම්මාට කියන්නම්...ඔම්මා....හ්‍යුන්ගී අද බීලා...මේ බලන්න..මෙයා ලග ගදේ බෑ...."

" ලොකූ..."

" කුකී බොරු ඔම්මා කියන්නේ...ඒයි මෝඩයා බොරු කියන්න එපා..."

" අරස්සෝ...එහෙනම් මට බනනා මිල්ක්ශේක් පැක් එකක් ඕනේ..ඩීල් ?? "

" අරස්සෝ අරස්සෝ...තමුසේ නම් මහ ඇණයක්...ඔහේගේ කට මහන්න පුලුවන් නම මන් මේ වෙනකොට මහලා..වදකාරයා...දැන් කටවහගෙන යනවා.."

මට තප්පර ගානකට කලින් අවුරුදු තුනකට කලින් උන දේවල් මතක් උනා...ඒ දවස්වල කුකී මාව පාවලා දීලා කොච්චර නම් ඔම්මා ලව්වා මට ගස්සවනවාද...එක්කෝ එයාට පගාව දීලාම මගේ පොකට් එක හිදෙනවා..ගොඩක් දවස්වලට ඔම්මාගෙන් මාව බේරගන්නේ ඉතින් අප්පා තමා..එයා තමයි මගේ ලෝකේ වීරයා..හ්ම්...ඒත් දැන් ඒවා අතීතෙම විතරයි..

මට දැන් ගහන්න ඔම්මාත් නෑ...

ඔම්මාට නඩු කියන්න කුකී කතා කරන්නෙත් නෑ..

ඔම්මා ගහන්න ආවත් බේරගන්න අප්පාත් නෑ..

මගේ ජිවිතේම නිහඩ වෙලා..

🌩️🌩️🌩️🌩️🌩️

" ඔහ් කරන්ට් ගියා..."

මට හිතෙන්නේ අකුණ කෙලින්ම වැදුනේ ඇන්ටනාවටද කොහෙද ?? ඉක්මනට කුකී ලගට යන්න ඕන...එයා දැන් බය වෙලා ඇති...අවුරුදු 15ක් උනත් මගේ හා පැංචා කරුවලට බයයි...

ඒත් මෙහෙම ගියොත් එයා දැනගනිවි මන් බීලා කියලා..ඒත් කමක් නෑ...දැනගත්තා කියලා මොකෝ ආයි ඔම්මාට කම්ප්ලේන් කරන්නයෑ...

.

.

.

.
______________________♡_________________________

_______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________♡_________________________

The Call || Namjin || Completed Where stories live. Discover now