chapter 16

179 52 1
                                    

මට එදා සිහිය එනකොට මන් හිටියේ හොස්පිටල් එකේ...ඇස් ඇරපු ගමන් මන් දැක්කේ අල්ලපු ගෙදර පූස් නාම්භව..

" ඔයාට කොහොමද දැන් ?? "

" ම්ම්හ්...හොදයි..ඔලුව ටිකක් රිදෙනවා !! "

" දන්නවාද තමුන් දවස් දෙකක් සිහිය නැතුව හිටියා..වදකාරයා !! "

සුපුරුදු විදියටම රවාගෙන යූන්ගි කියනකොට මන් එහෙම්ම වට පිටාව බැලුවේ මොකක් හරි අඩුවක් මට දැනුන නිසායි..

ම්ම්..මොකක්ද ??

ඔහ් ගෝර්ඩ් මගේ කුකී

" යූන්ගි මගේ කුකී ??"

මන් ඇදෙ කෙලින් වෙන්න හදන ගමන් කියනකොට යූන්ගි මට කෙලින් වෙන්න උදව් කරා..පුදුමයි !!

අහංකාර පූස් නාම්බා...

" එයා එයි...ජිමින් බොහොම අමාරුවෙන් එයාව කන්න එක්කගෙන ගියේ...දවස් දෙකක ඉදන් එයාට කෑමක් නෑ..."

යූන්ගි හිස් බැල්මෙන් කියනකොට මගේ ඇස්වල කදුලු ගැලුවා..ඇයි හැමවෙලේම මගේ දෙවල් නිසා මගේ අහින්සකයා දුක් විදින්නේ...එයා පව්..

" දැන් අඩලා වැඩක් නෑනේ..හිතේ තියන ප්‍රශ්න අමතක කරලා ජීවත් වෙන්න බලන්න ජින්...එදා කුකී අඩාගෙන ඇවිල්ලා ඔයාව බේරලා දෙන්න කියලා මගෙන් ඉල්ලනකොට මට ඒ ඇස් කොච්චර අසරණද කියලා හිතුනා...ඔයාට කරන්න පුලුවන් උදව්වක් නම් මන් කරන්නම්...ඒ ඔයා වෙනුවෙන් නෙමෙයි..ඔයා මෙහෙම උනාම අර අහින්සකයා හැසිරෙන විදිය බලන් ඉන්න බැරි නිසයි.."

යූන්ගි හිතක් පපුවක් නැති ගානට කියන් යනකොට මන් මගේ ඇස්වල කදුලු ඔහේ ගලන්න ඉඩ දුන්නා..මන් වැරදි...මගේ ජිවිතේ ඉස්සරහට මන් යන්න ඕන..වැටිලා හරියන්නේ නෑ..මගේ පැටියාව හොද කරගන්න ඕන...

" මට කෙනෙක් ගැන විස්තර හොයලා දෙන්න පුලුවන් ද ?? "

" මන් උත්සාහ කරන්නම්..හැබැයි ඒ අර අහින්සකයා වෙනුවෙන් විතරයි !! "

යූන්ගි සුපුරුදු හිස් බැල්මෙන් කියනකොට මන් යාන්තම් හිනාවක් දැම්මාම එයාත් පොඩි හිනාවක් දුන්නා..ඒ කියන්නෙ අද ඉදන් මට හොද යාලුවෙකුත් ඉදිවි වගෙ...

The Call || Namjin || Completed Where stories live. Discover now