chapter 7

167 49 1
                                    

📞 හරි තමුන් දැන් කියන්නේ තමුන් කාට කෝල් කරත් ෆෝන් එකෙන් කෝල් එන්නේ මට කියලාද ??

📞 දේ ජින්ශි..

📞 හරි විහිලුව !! තමුසේ හිතුවාද මන් කොන්ඩේ බැදපු චීනෙක් කියලා..මන් ඔහේ කියන දේ විශ්වාස කරන්න තරම් මෝඩයෙක් නෙමෙයි...මිස්ටර් ??

📞ආහ් මන් නම්ජුන්

📞හරි ඕකේ නම්ජුන්ශි...ඔයා දැනගන්න මන් මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක්...ඉතින් ඔයා තේරුම් ගන්න ඔය වගේ මෝඩ කතාවකින් මාව රවට්ටන්න බැහැ කියලා..මට දැන් ගොන් කතා නොකියා කියන්න ඔයාට මෙහෙම කරන්න කිව්වේ කවුද ?? සේජිනාද , බෝගම් ද, නැත්තම් අර මගේ ගෙදර ඉස්සරහ ඉන්න මෝඩ පූසා යූන්ගිද ??

📞 ප්ලීස් ජීන්ශි තේරුම් ගන්නකෝ...ඔයා කියන කිසිම කෙනෙක්ව මන් දන්නේ නෑ...මන් කියන්නේ ඇත්ත...මට මුලින්ම ඕන උනේ පීසා එකක් ඩිලිවර් කරන්න...ඒත් දෙපාරෙන්ම කෝල් එක ආවේ ඔයාට !! ඊට පස්සේ මන් ඩැඩාට කෝල් කරාම ඒකත් ආන්ස්වර් කරේ ඔයා...දැන් මන් වෝර්ටර් බෝර්ඩ් එකට කතා කරත් ආන්ස්වර් කරේ ඔයා...මන් වැරදියට නම්බර්ස් ගැහුවා නෙමෙයි...මන් කියන්නේ ඇත්ත !!

📞 මගේ ඔලුවත් විකාරයි තමුන් කියන ඒවා අහලා..හරි දැන් තමුන් කියන ඒවා ඇත්ත කියමුකෝ..ඒත් එහෙම වෙන්න පුලුවන්ද ??

📞 මන් දන්නේ නෑ වෙන්න පුලුවන් ද බැරිද කියලා ?? ඒත් එහෙම උනා !!

📞 ආහ් හරි...දැන් ආයි මට කෝල් කරන්න එපා...එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ..

බීප් බීප් බීප්

ඒ මෝඩයා තව මොනවා හරි කියලා මගේ ඔලුව විකාර කරන්න ඉස්සෙල්ලා මන් ෆෝන් එක කට් කරා...පිස්සෙක් ද කොහෙද !!

" ආහ්...මගේ ඔලුව විකාරයි වගේ..."

මන් කොන්ඩේ ඇදගෙන කෑ ගහනකොට කුකී ඇස් බෝල කරන් මන් දිහා බලන් හිටියේ පිස්සෙක් දිහා බලන් ඉන්නවා වගේ..මන් ඉතින් කුකීට මෝඩ හිනාවක් දාලා කිචන් එක පැත්තේ ගියේ උදේට කන්න මොනවා හරි හදන්න කියලා..

කොහොම හරි ඉතින් උදේට කන්නත් හදලා අපි දෙන්නා බඩ පිරෙන්න කෑවාට පස්සේ පොඩ්ඩක් කුකීගේ මල් වගාවේ සැරිසරන්න ගියා..

______________________♡_________________________

______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________♡_________________________

The Call || Namjin || Completed Where stories live. Discover now