chapter 10

164 51 1
                                    

මන් නම්ජුන් කිව්ව විදියටම කැම්පස් පටන් ගත්ත ගමන් ම හරියටම 12 ට කැම්පස් එකේ කැෆටේරියා එක එහා පැත්තේ චෙරි බ්ලොසම් ගහ ලග බෙන්ච් එකේ දකුණු පැත්තේ වාඩි උනා..

" හ්ම්..12.01....කෝ මෙයා තාම නෑනේ..."

මන් පොත් ටිකත් තුරුලු කරන් එයා එනකම් බලන් හිටියා..නම්ජුන් පරක්කු වෙන තප්පරයක් ගානෙම මගේ පපුව හයියෙන් ගැහුනා...

මට තාමත් මතකයි එයා මට මුලින්ම ආදරෙයි කිව්ව දවස...ඔහ් ඒ එදා...හරියටම අපි කතා කරන්න අරන් සති දෙකකට පස්සේ..

📞 ජින් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ??

📞 කියන්න ජූන්

මන් එහෙම කිව්වාත් මගේ හිත එදා වේගෙන් ගැහුනා..එයා මොකක්ද කියන්න හදන්නේ...එයා මේ දවස් ටිකේම එයා කෙනෙක්ට ආදරේ කරනවා ගගා කිය කිය හිටියේ...ඒ වචන ඇහෙන වාරයක් පාසාම මගේ පපුව රිදුනා...

ඒත් මන් කොහොමද කියන්නේ කොල්ලෙක් වෙච්චි මන් ඔයට ආදරෙයි කියලා ??

ඉතින් මගේ ආදරේ මන් මගේ හිත ඇතුලෙම හිර කරගෙන මගේ ජූන් කියන ඕනම දෙයක් අහන් ඉන්න තීරණය කරා..මගේ ජුන් ?? ඔව් මම විතරක් දන්න මගේ ජුන් !!

📞 ජින් මේ..මේ මේකයි...මන් මේක කිව්වාට පස්සේ මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියන්න...

📞 කියන්න ජූන්...මට ඔයත් එක්ක තරහ වෙලා ඉන්න බැහැ කියලා දන්නවානේ..

ලොකු හුස්මක් අරන් මගේ ගැහෙන පපුවත් අල්ලන් මන් හිටියේ...කුකීත් මගේ තනියට මගේ ලග හිටියා..එයාට ඇහෙන්නේ නැතත් එයාට පුලුවන් මගේ මූන බලලා මගේ හැගීම් තේරුම් ගන්න..කුකී දන්නවා මන් ආදරේ කරන්නේ කොල්ලෙක්ට කියලා...දැකලවත් නැති කොල්ලෙක්ට !!

📞 ජින් මේකයි...ම..මන්..මන් ඔයාට ආදරෙයි...

මට එදා එච්චරයි ඇහුනේ...මාව ෆ්‍රීස් වෙලා ගියා..මට මුකුත්ම හිතාගන්න බැරි උනා..මට මොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බැරි උනා..මාත් එයාට ආදරෙයි කියන්න ඕනද ?? ඒත් ඒක අසම්මතයි...අපි පව්කාරයෝ වෙයි...

ඒත් ආදරේ කරන එක පව් වැඩැක්ද ??

පිරිමියෙක්ට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද ??

ඇයි මිනිස්සු ආදරේට වැටවල් බදින්නේ..

ආදරේ කියන්නේ ආදරේ...ඒකට සුදුද කලුද උසද මිටිද එයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා ඇයි සීමාවන් ??

මට බැරිද සීමාවන් බිදලා ආදරේ කරන්න !!

පලවෙනි ආදරේ කඩන් වැටුන මට බැරිද ආදරේ සීමාවන් බිදින්න ??

මන් එහෙම්ම බැලුවේ කුකීගේ දිහා...එයා මගෙ අත හරි පරිස්සමින් අල්ලගත්තා...ඒත් එක්කම එයා මට දුන්නේ මලක්..

අයිරිස් මලක්..

- Trust and Wisdom -

📞 මාත් ඔයාට ආදරෙයි ජූන්...

බොහොම අමාරුවෙන් මන් වචන එකතු කරලා මගේ හිතේ තියන දේ නම්ජුන්ට කිව්වා..ඔව් මන් මගෙ වැටවල් සීමාවන් බිදලා එයාට ආදරෙයි කියලා කිව්වා..

" ආයිශ්...12.40...කෝ මෙයා තාම නෑනේ...හරියන්නේ නෑ...කාගෙන් හරු අහන්න ඕන..මන් දන්නේ නැති උනාට කවුරුම හරි එයාව දැනගන්න එපැයි..."

______________________♡_________________________

______________________♡_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________♡_________________________

The Call || Namjin || Completed Where stories live. Discover now