𝚆𝚑𝚘 𝙸𝚜 𝚂𝚑𝚎?

4.1K 322 56
                                    

"අප්පා..අනේ ප්ලීස්...මං ආයේ යන්නේ නෑ..අනේ සොරි අප්පා...මං යන්නෙ නෑ.."

"ජිමින්..තමුන්ට ඔය මඟුලට යන්න කලින් මගේ නම්බුව ගැන හිතන්න තිබ්බා...තමුන් හොදටම දන්නවා පාර්ක් ජේහ්‍යුන් කියන්නෙ කොයි තරන් ලොකු නමක් තියන් ඉන්න කෙනෙක්ද කියලා....අනික පාර්ක් ගෲප් එක..."

"ඔප්පා..."

"මින්සුයා...කාමරේට යන්න..."

"අනේ අප්පා...ඔප්පට ගහන්න එපා...එයාට තුවාල වෙලා...අනේ ප්ලීස්...එයාට රිදෙනවා ඇති."

මින්සු කළේ ජේහ්‍යුන්ගේ කකුලේ එල්ලිලා අඩපු එක..ඒත් ජේහ්‍යුන්,

"මගෙ කකුල අතෑරපන්..කාලකණ්ණි කෙල්ල...තමුන්ගේ ඔම්මා වගේම මැරිලා යනවා...එයාව මරාගත්තා වගේ තමුන්ට ඕනි මාවත් මරලා දාන්නද?අහකට පලයන්..."

ජේහ්‍යුන් පයින් ගහලම කෙල්ලව තල්ලු කරද්දි ජිමින් එයාව අල්ලගත්තා.

"අප්පා,මින්සුට ගහන්න එපා.එයා වැරැද්දක් කළේ නෑනේ...මට සමාවෙන්න.ඒත්,මං පස්සේ ඇවිල්ලා ඔයාගෙන් ගුටි කන්නම්...දැන් මින්සු නිදාගන්න ඕනි."

තවත් පාරක් කන්න කලින්ම ජිමින්,මින්සුගේ අතින් අල්ලගෙන එතනින් අතුරුදන් වුණා...ඒ එක්කම මින්සුගේ කාමරේ දොර වැහෙන සද්දේ තාමත් බෙල්ට් එක අතේ තියන් හයියෙන් හුස්ම ගන්න ජේහ්‍යුන්ට ඇහුණා.

"ඔප්පට රිදෙනවද?මං බෙහෙත් දාන්නද?"

"කමක් නෑ මින්සුයා.ඔයාගේ ඔප්පා ගොඩක් ශක්තිමත්...දන්නවද ඔයා මාත් එක්ක ඉන්නකල් මට මොකුත් වෙන්නේ නෑ...මං හැමදේම දරාගන්නවා කවදාහරි ඔයාව සතුටින් තියන්න මට පුලුවන් වෙනකල්ම."

ජිමින්,මින්සුගේ අත් දෙක තමන්ගේ අත් දෙකට හිර කරගත්තා.

"ඒත් ඔයා කොටයිනේ."

"යාහ්...තමුසේ මට වඩා කොටයි මෝඩියේ...අනික මං කොට නෑ...මට වඩා අනික් උන් උසයි.එච්චරයි."

"ඒත් ජිමිනි,ඔයා ශක්තිමත් කියලා මට පේන්නෙ නෑනෙ.ඔයා හරි කියුට් අප්පා..."

"ඉතින් කියන්නකෝ මගෙ හුරතල් නංගිට මොන සබ්ජෙක්ට් එකේ හෝම්වර්ක් ටික කරගන්නද ඕනි..?"

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now