𝚃𝚑𝚎 𝙼𝚊𝚛𝚛𝚒𝚊𝚐𝚎..𝚆𝚒𝚝𝚑 𝙷𝚒𝚖?

1.7K 248 18
                                    

"මොන කරුමයක්ද මේ...මට නිදාගන්න දීලා යනවා යන තැනක..."

මින්සු එදත් පුරුදු විදියට ක්ලබ් ගිහින් ඇවිත් නිදාගන්න ගියා.ඒ වුණාට හැමදාම වගේ එයාට ඉක්මනට ඇහැරෙන එකනම් ප්‍රශ්නයක් වුණා.

"බේබි නැගිටින්නකෝ.. මේ දොර අරින්න.බේබිගේ මදර් ඉන් ලෝ ඇවිත්."

"ඩේම්න්...ආයිශ් මගේ ඔලුව.මං ඉක්මනට එන්නම් කියනවා."

එයාගෙ අප්පා ජේහ්‍යුන්ටයි,එයාගෙ වෙන්න හස්බන්ඩ් ජියෝන් ජන්ග්කුක්ටයි එයාගේ හත්මුතු පරම්පරාවටයි බැන බැනම කෙල්ල බාත්රූම් එකට රිංග ගත්තා.

"ඕහ්,මිසිස් ජියෝන්...එයා ඇවිත්.මේ ඉන්නේ මගේ කෙල්ල.මගෙ එකම වස්තුව ඉතින්.හැබැයි එයා ටිකක් කම්මැලියි..."

"කොහොමද මිස්ටර් & මිසිස් ජියෝන්, මං හිතුවේ නෑ ඔයාලා අද එයි කියලා. මට සමාවෙන්න."

මින්සු එයාගේ අප්පා කලින් කියලා දීපු විදියට එයාලා ඉස්සරහ හැසිරෙන්න තීරණය කළා.

"ඒකට කමක් නෑ දරුවෝ.කෝ බලන්න...අයිගෝ ඔයා හරිම හුරතල් නේ.මට හිතෙන්නේ ජේමින් ඔයාගෙ තේරීම හරියටම හරි."

"මගේ තේරීම කවදත් හරි ජූහි...ඒක ඔයා දන්නවනේ.ඉතින් මින්සු,කොහොමද යුනි එකේ වැඩ එහෙම?ඔයා බිස්නස් ගැන නේද ඉගෙනගන්නේ?"

මිස්ටර් ජියෝන් මුකුත් දන්නෙ නෑ වගේ අහන එක මින්සුට ප්‍රශ්නයක් වුණා.

"ඔව් මිස්ටර් ජියෝන්.යුනි එක ගොඩක් හොදයි.මං ඉතින් වැඩ ටිකත් කරගෙන යනවා."

ඒත් එයා හරි ලස්සනට උත්තර දුන්නා.

"එයාට මිස්ටර් ජියෝන් කියන්න එපා පැටියෝ...අප්පා කියන්න.තව ටික දවසකින් ඔයා අපේ පවුලේ කෙනෙක් වෙනවනේ.අනේ මේ කෙල්ලට දැනටමත් මට ආදරේ හිතෙනවා මිස්ටර් පාර්ක්."

"එයා ගොඩක් ආදරේ හිතෙන කෙනෙක් තමයි.හරියට එයාගේ ඔම්මා වගේමයි."

"ඕහ්..ඉන්න මං ඔයාලට බොන්න මොනවාහරි හදාගෙන එන්නම්."

කෙල්ලට එයාගෙ ඇස්වලට එන්න ආපු කදුළු නවත්තගන්න ඕනි වුණා.මිසිස් ජියෝන්ට හරිම උණුසුම් හිනාවක් දීලා ඒ අත් දෙක අතෑරපු මින්සු ඉක්මනට කිචන් එකට රිංග ගත්තා.

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now