𝙳𝚎𝚊𝚍 𝙱𝚘𝚍𝚢

1.9K 258 15
                                    

"මිස්ටර් පාර්ක්?පාර්ක් ජිමින්ගේ භාරකාරයා?"

"ඕ..අප්පනම් මේ වෙලාවේ ගෙදර නෑ.ඔයාලට මොනවද ඕනි?ඔප්පා ගැන මොකක්ද?"

"මේකයි..මිස් පාර්ක්.ඔයාගෙ ඔප්පව තාම අපිට හම්බුණේ නෑ...ඒත්,"

"මොකක්?මගෙ ඔප්පව හම්බුණේ නෑ?ඒ කියන්නේ එයා නැතිවෙලාද?..එතකොට අප්පා...අප්පා...එයා මට කිව්වෙ..මට කිව්වෙ ජිමිනි...ජිමිනි කම්පැණි එකේ වැඩකට...මං නැගිටින්න කලින්.."

මින්සු වැටෙන්න කලින් එයාව අල්ලගන්න යූන්ගිට පුලුවන් වුණා.

මින්සු වැටෙන්න කලින් එයාව අල්ලගන්න යූන්ගිට පුලුවන් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මින් යූන්ගි.
අවුරුදු 24යි...නම්ජූන්ගේ හොඳම යාලුවෙක්...ස්කූල් කාලෙ ඉඳන්ම.සෝල් පොලීසියේ අපරාධ විමර්ශන අංශේ වැඩ කරන්නේ.
ගොඩක් හොදට වැඩ කරපු නිසා එයාට ඉක්මනටම ප්‍රොමෝෂන් හම්බුණා.
එතකොට එයාටයි එයාගෙ වයිෆ්ටයි අවුරුදු දෙකක චූටි බබෙක් ඉන්නවා...නින්දට පස්සේ යූන්ගිගේ හැමදේම වුණේ එයාගෙ පවුලයි රස්සාවයි තමයි...

"යාහ්..මේ කෙල්ලට සිහිය නෑ මනුස්සයෝ,ගිහින් වතුර එකක් අරන් එනවා...ඉක්මනට.මිස් පාර්ක්...මිස් පාර්ක්..නැගිටින්න මිස් පාර්ක්...අනේ මගේ රස්සාව...මිස් පාර්ක්..."

යූන්ගි කෙල්ලගේ කම්මුලට තට්ටු කර කර කතා කළත් එයා නැගිට්ටේ නම් නෑ.ඒත් එයාගේ ජූනියර් ඔෆිසර් ගෙනාපු වතුර වලින් එයාව නැගිට්ටවන්න යූන්ගිට පුලුවන් වුණා.

"අපිට සමාවෙන්න මිස් පාර්ක්..අපි දැනගෙන හිටියේ නෑ ඔයා ඔයාගේ ඔප්පා ගැන දන්නේ නෑ කියලා.."

"ඒකට කමක් නෑ ඔෆිසර්,කරුණාකරලා මට හැමදේම කියන්න...ප්ලීස්."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now