𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭2°•.ᵇᵒⁿᵘˢ💋

394 49 30
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭2°•.💋

✺ғɪʀsᴛ ᴋɪss💋ᴏʀ sᴇᴄᴏɴᴅ ᴋɪss💋✺


"Excuse me, red girl, will you come and dance with me..."



එයා මට රතු කෙල්ල කියලා නර්ථනයට
ආරාධනා කලේ ආචාරකරලා.මම රතු පැහැයෙන් ගවුම ඇදගන ඉන්න නිසා ඔහු පාට අනුගමනය කරලා මට කතා කලේ.මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නම්ද නෑ නෑ කොහෙත්ම නෑ මම කොහොමද බෑ කියන්නේ මම මෙතනට ආවේ නටන්න රිද්මයට.ඔහුව ප්‍රතික්ෂේප කරන්න මගේ හිතවත් ගතවත් මේ මොහොතේ ඉඩ දුන්නෑ.ඔහු දකුණු අත දිග් කලා මම මගේ රතු පාට ගවුම දකුණු අතින් අල්ලගන නැවිලා ආචාරකරේ යූරෝපීයානු සාම්ප්‍රදායික ක්‍රමයට.ඔහුගේ දකුණු අතින් මගේ වම් අත තියලා ඔහු සමග නටන්න කැමති වුනා.




"Yes of course"



නොදන්නා පුද්ගලයා සමග මම ගියේ බෝල්රූම් නර්ථනයට යොමු පහන අපි දෙදෙනා දෙසට එලිය අරන් එද්දි වටෙම අදුරු වුනා.මම ප්‍රදාන චරිතය වුනා වගේ හැගීමක් මට ඒ වෙලාවේ දැනුනා.ඒත් ප්‍රදාන චරිතය මේ ගැහෑණු ළමයා විතරමයි කියලා මට හිතුනා.මට පුළුවන්ද මේ කතාවේ ප්‍රදාන චරිතය වෙන්න කුතුහලය මාව වෙලාගත්තා. මම අනන්‍යතාව සගවන කෙනෙක් ඉතින් කිසිම දවසක මම ප්‍රදාන චරිතේ වෙන්නෑ.ඒත් මේ මොහොතේ මට ප්‍රදාන චරිතේ වෙන්න ඔනේ ඔව් මම මමමයි මම කැමතිම රිද්මය සමග මම සුළු මොහොතකට ආත්මාර්ථකාමි වුනාට කමක් නෑ.මම සුදානම් ආත්මාර්ථකාමි වෙන්න.පොඩ්ඩක් ඉන්න ඇයි අපි දෙන්නා විතරක් අනිත් යුගලයන් දැන්ම නර්ථනයේ යෙදෙන්නැ ඒ කියන්නේ එදා වගෙම අදත් මට ආරම්භක යුගලය වෙන්න පුළුවන් වුනා.ඒක අහම්බයක්ද නොමැතිනම් කව්රුමහරි මාව පරික්ශාකරනවද.ආරම්භය ගන්න මම ගොඩක් බය වුනේ අවුරුදු කිහිපයකට කලින් ඒ මතක මාව බියගන්වපු හින්දා ඒ අදුරුම දවසේ මතක එක්ක මම නැවත මගේ රිද්මයට ඉඩ දෙන්න හිතපු කෙනෙක් නෙවෙයි ඒත් මම අද මෙතන ඉන්නේ ඒ අදුරු මතක මකලා මට වුනත් සතුටු වෙන්න අයිතියක් තියෙන නිසා.එහෙන නේද මට සතුටු වෙන්න අයිතියක් තියෙනවා මම සතුටු වෙන්නේ එකම එක රිද්මයකින් ඉතින් කාටවත් හානියක් නොවෙන විදියට මම සතුටුවෙනවා අද.මගේ හීන වලට මේ විදියට හරි පන පොවන්න මට ඕන ඒකට මම ගන්න මේ එකම එක අවස්ථාව ඇති මග දිගු හීන නෑ අද රාත්‍රිය පමණක් ඇති මගේ හීනයට මෙය දිගු රාත්‍රියක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඒත් ඒත් මම නොසන්සුන් ගොඩක් සංගීතය ආරම්භ වෙනවා.




𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now