INTRO

1K 124 14
                                    


මේක මම ලියන අලුත්ම කතාව. අලුත්ම කිව්වට මේ අදහස මගේ පරණම එකක්. මොකද මේ අදහසට අනුව ලියපු වන්ෂොට් එකක් තමයි මම මුලින්ම මේ එකවුන්ට් එකෙන් පබ්ලිෂ් කලේ. කියන්න සතුටුයි ඒක මම ඇරෙන්න ඔයාල කිසිම කෙනෙක් කියවලා නෑ. ඉතින් ඒ අදහසට අනුව නිර්මාණය වුන ස්ටෝරි එකක් ආයෙත් ලියන්න හිතුනා.

මේක සාමාන්‍ය විදිහට යන කතාවක් නෙවෙයි. Diary කියලා කිව්වට එහෙම එකක්මත් නෙවෙයි.

කතාවෙ මේන් කැරුක්ටර් එක ජංගුක්. කතාව කියන්නෙ ජංගුක්ව පොඩි කාලේ ඉඳලම දන්න හැබැයි ජංගුක් දන්නෙ නැති කෙනෙක්. කතාවට අනුව ජංගුක් අයිඩල් කෙනෙක්. එයා අයිඩල් කෙනෙක් වෙන්න කලින් ඉඳලම එයාගෙ ජීවිත කතාව මේ කෙනා ලිපි විදිහට ලියලා පලකරනවා.

ඒත් ජංගුක් දන්නෙ නෑ ඒ කවුද කියලා. ඉතින් එයා මෙයාව හොයන්න උත්සාහ කරනවා. බලමු එයාට හොයාගන්න පුළුවන් වෙයි ද කියලා.

මේ කෙනා කතාව ලියන්නෙ ජංගුක්ගෙ අයිඩල් කෙනෙක් වීමේ සිහිනය ඇති වෙන තැන ඉඳලා ඉදිරියට. එතකොට ලියන කෙනා IKY කියන නික් නේම් එකෙන් තමයි ලියන්නෙ.

තව දෙයක්.....මම හැම චැප්ටර් එකටම සිංදුවක් රෙකමන්ඩ් කරලා තියෙනවා. ඔයාලට ලේසි වෙන්න මම වීඩියෝ එකත් ඇඩ් කරනවා. ඒ නිසා සිංදුව අහන ගමන් කියවන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම කියවන්න අමාරු නම් කියවලා ඉවර වෙලා හරි සිංදුව අහන්න. 

ඉතින් මම හිතනවා ඔයාල මේ කතාව එක්ක දිගටම ඉඳියි කියලා. ආයෙ ලියන්නෑ කිව්වට මට අත පය තියාගෙන ඉන්නම බෑ...... මේක නම් අයින් කරන්නෙ නෑ දිගටම ලියනවා. ලයිබ්‍රි එකට ඇඩ් කරල තියාගන්න.

මේක Tranquila එකත් එක්කම අප්ඩේට් කරන්නද? නැත්නම් ඒක ඉවර වුනාම දාන්නද? කතා දෙකක් යනකොට ඔයාලට පැටලෙනවද දන්නෑ නෙ.


"කුඩාකල සිටම ඔබව මා හඳුනනවා වුනත් ඔබ මාව නොදනී. ඒ ඇයිද කියා මා තවමත් සිතමින්. කෙසේ වෙතත් ඔබව මා හට හමුවූ දා සිට ඔබේ ජීවිතය මම පොතක් තුල අකුරු මඟින් සිත්තම් කරමි."

_IKY_


Your Diary || JJK ✓Where stories live. Discover now