Chapter 13

388 123 110
                                    


"මැණික......ඔයා නිදිද?"

අයිකි හිටියෙ එයාගෙ හස්බන් එක්ක ගෙදරට වෙලා. වෙලාව රාත්‍රී එකොළහට ලංවෙලා තිබුණත් තාමත් එයාට නිදාගන්න අදහසක් තිබුනේ නෑ. අයිකිගෙ හස්බන් වුනත් එයාගෙ වැඩ ඉවර කරලා දැන් ටිකකට කලින් තමයි ගෙදර ආවෙ. ගෙදර ආපු ගමන් වොෂ් දාපු එයා කෑමත් අරගෙනම කාමරේට ආවෙ අයිකි එයා එනකම් කෑම කන්නෙ නැහැ කියලා දන්න නිසයි.

"නැහැ ටේ......මම ඔයා එනකම් හිටියෙ......"

"හ්ම්....... මං කියලා තියෙනවා මගේ රස්සාවෙ හැටියට හරි වෙලාවට ගෙදර එන්න බෑ කියලා. ඉතින් ඔයා මං කීයට වුනත් ගෙදර එනකම් බඩගින්නෙ ඉන්නවද ආආ......"

ඔහුගේ කතාවට පුංචි හිනාවකින් සංග්‍රහ කරපු අයිකි ඔහුගේ ලඟට තුරුළු වුනේ තනිකම පාලුව නැති කරගන්න වගේ. 

"ටේ..... කොහොමද එහෙ තත්වෙ?"

"හ්ම්......එයා හෙට එයි. හැබැයි මට බය ඕකා ඔයාට ආදරෙයි කියයිද කියලා තමයි."

"එයා එහෙම කිව්වත් වැඩක් නෑනෙ ටේ......ඔයා ඉතින් මාත් එක්ක ඉන්නවනෙ."

"හ්ම්.... මැණික..... හෙටින් පස්සෙ මේ සේරම දේවල් ඉවරයිනෙ. ඊටපස්සෙවත් ඔයා මට ආදරේ කරනවද?"

ඔහු ඇහුවෙ අයිකිගෙ කම්මුල් අත් අතරට අරගෙන. ඔහුගේ ඇස් ආදරයෙන් පිරී තිබුණා. ඒ තරමටම ඔහු අයිකිට ආදරෙයි. දෙදෙනාගේම ඇස් වල කදුළු පිරෙන්න පටන් ගන්නකොට ඔහු අයිකිවත් තමන්ගේ පපුවට තුරුළු කරගෙන නින්දට වැටෙන්නෙ හෙට දිනට හොඳින් මුහුණ දීමටයි.

"ටේ.......ඔයා හෙට හයිබි එකට යන්නෙ නැද්ද?"

"නැහැ.....හෙට මාත් ඔයත් එක්ක යන්න එනවා. එතන මොන වගේ තත්වයක් තියෙයිද දන්නෙ නෑනෙ."

.

.

.

.

.

.

.

.

Next day at 4.00 pm 

හරියටම වෙලාව හතර වෙනකොට ජංගුක් කැෆේ එකට ඇවිල්ලයි හිටියෙ. හැබැයි එතන ලොකු කලබලයක් තිබුණා. ජංගුක්ගෙ පෝස්ට් එක දාපු වෙලාවෙ ඉඳලා කැෆේ එක වටේට එකතු වුන ෆෑන්ස්ලා රිපෝටර්ස්ලා සේරම එතන කෑම්ප් ගහගෙන හිටියෙ.

Your Diary || JJK ✓Where stories live. Discover now