End

609 127 153
                                    


"ඇතුලට එන්න ටේ........"

"ටේ........"

"ඔය දෙන්නා එහෙනම් කතා කරන්න. මම එලියට යන්නම්......"

ඒ දෙන්නව තනියම ඇතුළෙ තියලා අයිකි එලියට ගියේ ආවා වගේම පිටිපස්සෙ දොරෙන්මයි.

"කොහොමද ජංගුක්ෂි? මම තමයි අයිකිගෙ හස්බන්."

"හරි.....ඉඳගන්නකො එහෙනම්..... ඒක නෙවෙයි ඔයා ටේ......"

ජංගුක් ඇහුවෙ ටේ කියලා ඇහුවම එයා ටිකක් පුදුම වුන නිසා.

"ඕහ්......අයිකියා මට කතා කරන්නෙ ටේ කියලා. ඒකටත් ඉතින් ලොකු කතාවක් තියෙනවා."

"හ්ම්...... ඉතින් ඔයාට මොනවද මට කියන්න තියෙන්නේ?"

ජංගුක් එහෙම ඇහුවෙ එයාව හම්බවෙන්න ඕන වුණේ ටේට මිසක් එයාට ටේව හම්බවෙන්න ඕන වුණේ නැති නිසා. ඒකට ඉතින් ටේ හිතින් බැන්නත් එක්ක.

"හහ්..... මගේ කෙල්ලට කතා කරන්න පුළුවන්. මාත් එක්ක තමයි කතා කරන්න බැරි. ඊරිසියාකාර හාවා."

ටේ එහෙම හිතුවා විතරයි එයා එහෙම කියන්න ගියේ නැහැ.

"එහෙනම් මම කතාව පටන් ගන්නම්...."

දෙන්නම ටිකක් වෙලා නිහඬව හිටියට පස්සෙ ටේ එයාගෙ කතාව පටන් ගත්තෙ ජංගුක් ඒකට ඇහුම්කන් දෙද්දි.

Jiwon POV 

මගේ නම ජීවොන්, මම තමයි අයිකිගෙ හස්බන්. ඒත් අපි දෙන්නා කසාද බැන්දෙ ආදරේ කරලා නම් නෙවෙයි. අපි කසාද බැන්දෙ ප්‍රපෝසල් එකකින්. අපේ ගෙවල් වලින් ප්‍රපෝසල් එක අරගෙන ආවත් අයිකි ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ආහ්.....තව දෙයක් එයාගෙ ඇත්තම නම අයිකි නෙවෙයි. ඒත් ඉතින් මාත් දැන් ඒ නමින්ම කතා කරන්න පුරුදු වෙලා.

ඉතින් මම කිය කිය හිටියෙ අයිකි මට ආදරේ කලේ නැහැ කියලා. ඇත්තටම එයාට ඕන වුණේ හැමදාම තනිකඩව ඉන්න. ඒත් එයාගෙ ගෙදරින් එයාට ඒකට ඉඩක් ලැබුනේ නැහැ. ඉතින් අකමැත්තෙන් වුනත් එයාට සිද්ධ වුණා මාව බඳින්න.

එයා වගේම මාත් මුලදි එයාට ආදරේ කලේ නැහැ. ඒත් ටික කාලයක් යනකොට මම එයාට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් එයාගෙ ආදරේ තාමත් මට හම්බුනේ නැහැ. ඒ ඔහේලාගෙ කෙනෙක් නිසා.හි....හි.....මට ටිකක් කේන්ති ගියා. 

Your Diary || JJK ✓Where stories live. Discover now