Chapter 9

340 125 67
                                    


"තමුන් දැන් කියන්නෙ තමුන් අයිකි නෙවෙයි කියලද ආආආආ.........."

"ඈඈඈ..........."

"ආශ්..........ඔය බොරු ඇඬියාව නවත්තලා මං අහපු දේට උත්තර දෙනවා........"

"මං.......මං........ මං එහෙම කිව්වෙ...... එතකොට මට කුකී ඔප්පව හම්බවෙන්න පුළුවන් නිසා........ එතකොට එයා මට ආදරෙයි කිව්වොත් එහෙම......ඈඈඈ.........."

"එහෙනම් දැන් මොකද අදහස වෙනස් වුනේ?"

"මට හිරේ යන්න බෑඈඈ..........."

කලින් අයිකි කියලා අල්ලගෙන ආපු කෙල්ල කියලා තියෙන්නෙ බොරුවක් කියලා ඔප්පු වුණා. මේ වෙලාවෙ ඒ කෙල්ල හිටියෙ පොලීසියේ. මහ ලොකුවට මම තමයි අයිකි කියලා පිලිගත්තට පොලීසිය ප්‍රශ්න කරනකොට නම් එයා බයවෙලා අඬන්න පටන් ගත්තා. මේ වෙලාවෙ ජංගුක් හිටියෙත් එතනට වෙලා.... හැබැයි කෙල්ලට පේන්නෙ නැති වෙන්න. 

ඇත්තටම ජංගුක් හිතුවා මේ අයිකි නම් මොකක් හරි බොරුවක් කියලා හරි මෙයාව බේරගන්න. ඒත් එයා අයිකි නෙවෙයි කියලා දැනගත්තාම කොල්ලගෙ හිතට සහනයක් දැනුනා.

.

.

.

.

.

.

"දැන් ඉතින් එයා නෙවෙයිනෙ කෙල්ල. මොකද කරන්නෙ?"

යුංගි ඇහුවෙ පොලීසියෙන් එලියට ඇවිත් කාර් එකට නගින ජංගුක්ගෙන්. යුංගිත් ජංගුක් එක්ක පොලිසියට ආවෙ එයාව මේවෙලාවෙ තනි කරන්න බැරි නිසා.

"මං මෙතනට ආපු ගමන්ම දැනගත්තා එයා අයිකි නෙවෙයි කියලා."

"ඒ කොහොමද?"

"අයිකි මට කවදාවත් කුකී කියලාවත් විශේෂයෙන් ඔප්පා කියලාවත් කතා කරලා නෑනෙ."

"බලන් යනකොට ඒ කෙල්ල මහ මෝඩයිනෙ. අඩුම ඔහොම බොරුවක් ගොතන්න කලින් අයිකි ගැන ටිකක් අධ්‍යයනය කරලා එන්න තිබුණා."

යුංගි කියනකොට ජංගුක් කට කොනින් හිනාවෙලා කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තෙ හයිබි එකට යන්න ඕන නිසා. මොකද තව ටිකකින් එයාට ඇබ්‍රෝඩ් වෙන්න තියෙනවා.

Your Diary || JJK ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ