Chapter 3

364 122 28
                                    


Article 3

"හම්මෝ........මේකෙ ලොකු......මට නම් දැන් බයත් හිතෙනවා. මාව තේරෙයි ද?"

ඔන්න ඔයාගෙ ඔඩිෂන් දවසත් ආවා. ඔයා හොඳටම බයවෙලානෙ. මූණට දාඩියත් දාලා. බයවෙන්න ඕන නෑ. කොහොමත් ඔයා තේරෙනවා. මොකද ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.

පසුගිය දවස් ටිකේම ඔයා නිතරම වගේ ලීෆ්ලට් එක බැලුවෙ ඔයාට දිනේ වැරදෙයි කියලා නේද? හහ්....... මං එහෙම වෙන්න දෙනවද? ඔයාට අමතක වුනොත් මම කොහොමහරි ඒක මතක් කරලා දෙනවා.

ඔයා ඉස්කෝලෙ යන සමහර දවස්වලට කම්මැලිකමට ඇඳේ ගුලි වෙලා හාවෙක් වගේ නිදාගන්නවා. එහෙම කොහොමද ඔයා ස්කූල් කට් කරන්නෙ. ඒ දවස්වලට මම ඔයාට ගලක් ගහන්නෙ ඔයාට ඇහැරවන්න. හැබැයි ඉතින් ඒකත් ඔයාට අනතුරක් නොවෙන විදිහට.

"යාහ්.........මේ නැහැදිච්ච පොඩි එකාලා.....යනවලා මෙතනින්...... හැමදාම ගෙවල් වලට ගල් ගහන්න ලැජ්ජ නැද්ද ආආ......."

ඔයා ඉතින් පාරෙ සෙල්ලම් කරන පොඩි ළමයින්ට උදේ පාන්දරම කෑගැහුවත් ඒකට එයාලගෙ වැරැද්දක් නැහැ. ඔයා උඩ තට්ටුවේ ජනේලෙන් බලාගෙන ඒ ළමයින්ටත් බැනලා ඔළුවත් කස කස යන්නෙ කම්මැලිකමෙන්. මම ඉතින් ගහක් පිටිපස්සෙ හැංගිලා බලාගෙන හිටියෙ.

ඔයා හිතන්නේ කාමරේකට හරියටම ඉලක්ක කරලා ගලක් ගහන එක ලේසි වැඩක් කියලද? අපෝ නෑ......මම ඒකට ගොඩක් ප්‍රැක්ටිස් කලා. අපේ ගෙදර ජනේලෙන් ගේ ඇතුලට ගල් ගහලා පුරුදු වෙන්න ගිහින් මම ඕන තරම් ඔම්මාගෙන් ගුටි කාලා ඇති. ඔයා ඉතින් සනීපෙට නිදි. කම්මැලි හාවා.

ඔන්න ඉතින් ඔයාගෙ මූණ මලක් වගේ පිපෙනවා. ඔන්න මම ගෙස් කරනවා හරිද බලන්න. ඔව්.......මම හරි. සේහා කෝල් කරනවා. ඒත් එක්කම ඔයා ජනෙල් පඩිය උඩ ඉඳගෙන විරිත්තගෙන කෙල්ලත් එක්ක මල් කඩන්නෙ හරියට එයාට ෆෝන් එකෙන් ඔයාව පේනවා වගේ. ඒකනෙ කෝල් එක ආපු ගමන්ම ඔයා කොණ්ඩෙ හදන්නෙ.

"හෙලෝ......සේහා........ගුඩ් මෝනින් බබා........"

මෙන්න බලපල්ලකො....... ඒපාර බබාලු. ඕක ඔයා ඉගෙන ගත්තෙ කේඩ්‍රාමා එකකින් නේද? කොහොමහරි ඉතින් ඔයා නම් හොඳට කෙල්ලො වශී කරගන්න දන්නවා. හ්ම්........මට මතක් වෙන්නෙ ඔයා සේහාට ආදරෙයි කියපු දවස. 

Your Diary || JJK ✓Where stories live. Discover now