Chapter 6

353 129 100
                                    


Article 6

ඔයාගෙ ජීවිතේ ගැන මට කියන්න ඕන වුන ගොඩක් දේවල් මම කිව්වා. ඔයා කොයිතරම් වේදනා වින්ද කෙනෙක්ද කියලා අනිත් මිනිස්සුන්ට දැන් තේරෙන්න ඕන. එහෙමත් නොතේරෙනව නම් එයාල මෝඩයො.

එදා ඔයා හිටියෙ ඔයාගෙ එපාර්ට්මන්ට් එක ලඟ තිබුන කොෆි ෂොප් එකේ. මුළු මූණම වැහෙන්න මාස්ක් එකක් දාගෙන කැප් එකකුත් දාලා හිටියට ඔයාව අඳුරගන්න පුළුවන් හාවො.

ඔයාගෙ කොෆි එක එනකම් ඔයා ඉඳගෙන බලාගෙන හිටියේ. මාත් ඔයා දිහා බලාගෙන හිටියෙ ඔයාව කාලෙකින් දැක්ක නිසා. අර මන්දිරේ ඇතුලට ගියාට පස්සෙ ඔයාව බලන්න මට මැස්සෙක් මදුරුවෙක් වෙලා තමයි එන්න වෙන්නෙ.

කොහොමහරි ඔයා ඉඳගෙන හිටිය තැනට වම් පැත්තෙන් කෙල්ලො ටිකක් ඉඳගෙන හිටියා. එයාල හරි හරියට මොනාද ගැන කියවනවා.

"ජංගුක් අර යුමීට කරපු වැඩේ හරි නෑ නේද?"

"ඒකනෙ...... ඒත් ඔන්න බලන්නකෝ.....මොනා වුනත් ජංගුක් යුමී දෙන්න එකතු වෙනවමයි."

"ඒත් ජංගුක් එයාව රේප් කරාට පස්සෙත් කෙල්ල කැමති වෙයිද?"

"මොකෝ නැත්තේ......හැම කතාවෙම ඕක වෙනවනෙ...."

ඒ කෙල්ලොන්ගෙ කතාවට මුලදි ඔයා ඒතරම් කලබල නොවුනත් කතාව අන්තිමට යද්දි නම් ඔයාගෙ ඇස් දෙක රඹුටන් ගෙඩි දෙකක් තරම් ලොකු වෙනවා මම දැක්කා. ඊටපස්සෙ ඔයා කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න කියපු දෙයක් ඔයාගෙ මේසෙට කන තියාගෙන හිටපු මට නම් හොඳටම ඇහුනා.

"කවද්ද මම කෙල්ලෙක්ව රේප් කලේ....... හහ්...... මොකක්ද ඒ කිව්වෙ.......මම නින්දෙන් වත් ඇවිදලද? ඒත් ඉතින් මම එහෙම වැඩ කරන කෙනෙක් නෙවෙයිනෙ."

ඔයා ඔළුවත් කස කස ඒ ටික කියනකොට මට හිනායන්න ආවත් මම බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තෙ. හිනා වෙන්න නෙවෙයි....... ඇත්තටම එදා ඔයා ගොඩක් බයවුනා කියලා මම දැක්කා. එදා ඔයාට දැණුනෙ තමන් අපරාධකාරයෙක්ද කියන හැඟීම නේද?

ඔයාට මේ විකාරෙ හරියට පැහැදිලි කරන්න ඕන නිසා මම ඒ කෙල්ලො ලඟට ගිහින් කතා කලේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා මට තේරුන නිසා.

Your Diary || JJK ✓On viuen les histories. Descobreix ara