Episode 1

558 59 4
                                    


හවස බොක්සින් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර ආපු හැටියෙම මහන්සියට මන් සෝෆා එක උඩට එහෙම්ම වැටුණෙ අඩුම තරමෙ සපත්තු දෙකවත් ගලවන්නෙ නැතුව. වෙනදට මෙහෙම මහන්සි වෙලා ඇවිත් සෝෆා එකේ ඇලවුණාම නැට්ට වන වනා මන් ළඟට ඇවිත් මගේ මූණ ලෙවකාලා මගේ මහන්සියත් නැති කරවන බම් නැතුව අද මට හරි පාලුයි. ඒත් බම්ගෙ හොඳටමයි එයාව ට්‍රේනින් සෙන්ටර් එහෙක නතර කළේ කියලා හැමදාම වගේ අදත් මම හිත හදා ගත්තා. කවුරුවත් නැති ගේ ඇතුළෙ නිහඬතාවය දරාගන්න බැරිම තැන ස්ටූල් එක උඩ තිබ්බ රිමෝට් එක අරන් ටීවී එක ඔන් කළේ යූ ටියුබ් ගිහින් සිංදුවක්වත් දාලා පාලු ගතිය මකා ගන්න.

"BTS yet to come."

රිමෝට් එකට දුන්න වොයිස් කමාන්ඩ් එකට ටීවී එකේ අපේ අලුතින්ම රිලීස් කරපු yet to come සිංදුව ප්ලේ වෙද්දි මන් සපත්තු දෙකයි ජැකට් එකයි ගලවලා දාලා සෝෆා එකෙන් නැඟිටලා ෆ්‍රිජ් එක ළඟට ගියේ බියර් එකක් බොන්න හිතාගෙන. ෆ්‍රිජ් එක ඇතුළෙන් freeze කරපු වීදුරුවකුයි බියර් ටින් එහෙකුයි අරන් ආපහු ඇවිත් මන් සෝෆා එකෙන් වාඩි වුණත් ටීවී එකෙන් පේන හියුන්ලගෙ මූණු ටික දැක්කම බියර් එක බොන්නත් කලින් මගේ හිතට පුංචි සහනයක් දැනුණා.

අපි තාම ඩිස් බෑන්ඩ් වෙලා නැති වුණාට මට දැන් හියුන්ලව ඉස්සර වගේ නිතරම හම්බවෙන්නෙ නෑ. මොකද 2025 වෙනකන් අපි බෑන්ඩ් එකක් විදිහට ARMYලා ඉස්සරහට යන්නෙ නෑ කියලා තීරණය කරලා තිබුණ නිසා හැමෝම වෙන වෙනම එයාලගෙ වැඩ වලට බිසී වෙලයි හිටියෙ. ජින් හියුන් නම් දැනටමත් මිලිටරි service එකට ගිහින්..... හොබී හියුනුත් ළඟදිම යනවා කියලා announce කරලා ඉවරයි.... ජිමින් හියුන් මේ දවස් වල එයාගෙ අලුත් ඇල්බම් එකේ වැඩ වලට බිසී... එයාව අල්ලගන්න හරිම අමාරුයි. යුන්ගි හියුනුයි නම්ජූන් හියුනුයිත් ෆැශන් ශෝයි collaboration වලටයි එක එක මියුසික් වැඩ වලටයි හිර වෙලා. ටේහ්‍යුන් හියුන්ව නම් මේ දවස් වල ටීවී ප්‍රෝග්‍රෑම් එහෙකින් දකිනවා. එච්චර තමා.... වෙලාවකට මට හිතෙනවා මමත් දැන් ආර්මිලා වගේ කියලා. මොකද ආර්මිලට වගේම මටත් දැන් හියුන්ලව හම්බවෙන එක ලේසි නෑ. ඒත් වෙලාවකට මට බය හිතෙනවා හියුන්ලට මාව අමතක වෙයිද.... ආයිශ්... ආයෙත් මන් විකාර හිතනවා. එයාලට කොහොමද එහෙම මාව අමතක වෙන්නෙ. මන් එයාලගෙ ජන්කුකීනෙ.

Weverse live(Sinhala Ff)Where stories live. Discover now